PYRAMIDE DES BESOIN SELON MASLOW

Written by

නාම ලේකනයක් ලෙස අපිට සියළුම මිනිස් අවශ්‍යතා  එකින් එක ලොකු ළැයිස්තුවකට එක් කල හැක. Abraham MASLOW (1908-1970)නැමති ඇමරිකානු ජතික මනෝ චිකිත්සකවරයා (psychologist)සියළුම මිනිස් අවශ්‍යතා  ඒවයේ  ඇති වැඩගත්කම අනුව,ප්‍රබල කම අනුව,ජීවිතයට ඇති බලපෑම අනුව ඒවා පිරමිඩයක  ආකරයකට ස්ථානගත කරන ලදි. 1940 දී ඔහු විසින් රචිත  Motivation and Personality නැමති ඔහුගේ කෘතියෙහි මෙය සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.මෙය ඔහු විසින් දිගුකලක් තිස්සේ කරන ලද නිරීක්ෂන මගින් ඔහු පැමිනි නිගමනයන්ය.මෙම පිරමීඩය අධ්‍යයනය තුලින් මිනිස් සමාජය මුහුණ දී ඇති,දේශපාලනික සමාජ, ආර්තික  ප්‍රශ්න තේරුම් ගැනීමට යම් පිටුවහලක් වනු ඇත.

Physiological needs :

පිරමිඩයේ අඩිතලම නොහොත් වැදගත්ම කොටස, ලෙස  සැලකෙන්නේ මිනිසුන්ගේ මූලික මිනිස්   අවශ්‍යතාවයන්ය. හුස්ම ගැනීම, කෑම් බීම ,නින්ද, මළපහකිරීම්,ලිංගික අවශ්‍යතා (තම වර්ගය බෝ කිරීම),ඇදුම් පැළැදුම් ආදීය ජීවිතයේ  අත්‍යවශ්‍යම   අවශ්‍යතා   ලෙස සැලකේ.(survival needs.)මෙය ලෝකයේ සියළුම මිනිසුන්ට එකහා සමානය. මෙම මූලික අවශය්‍යතා  අපේ ශරීරයට නිතරම දැනෙන දේවල්,පහසුවෙන් හදුනාගතහැකි උවමනවන් ලෙස සැලකිය හැක.වාතය නොමැතිව ජීවත්විය හැක්කේ මිනිත්තු කීපයක් පමනි. වායුගෝලය දූෂනය වීමෙන් මිනිසුන්ගේ මෙම මූලික අවශ්‍යතාවය කඩවී මිනිසා ඇතුලු අනෙකුත් ජීවීන්ද වද වීමටද හැක.

Security Needs

මිනිසාට දෙවනුවට ඇති අවශ්‍යතාවය ලෙස මස්ලෝ නම්කර ඇත්තේ ආරක්ශක අවශ්‍යතාවයයි.මෙය අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් දෙකකට බෙදා විග්‍රහ කල හැක.බාහිර ආරක්ශාව නම් ස්වභාවික පරිසරයේ ඇති කරදරවලින්,භාදක වලින් ආරක්ෂා වී ජීවත්වීමට ඇති අවශ්‍ය තාවයයි.එනම් වැස්සෙන් හා අව්වෙන් ආරක්ෂා වීම, අඳුරෙන් ආරක්ෂා වීම,මැසි මදුරුවන් ඇතුලු වන සතුන්ගෙන් ආරක්ෂා වීම,ස්වභාවික අනතුරු වලින් ආරක්ෂා වීමයි.අපිට නිවාස අවශ්‍ය වන්නේ ඉහත සතුරු කරදර වලින් මිදී ජීවත්වීමටයි. භාහිර සමාජයන් එන ප්‍රචන්ඩත්වයෙන් ආරක්ෂා වී ජීවත්වීමද මිනිසාගේ මූලිමක අවශ්‍යතාවයකි.එනම් සොර සතුරන්ගෙන්  ආරක්ෂාවීම, පාලකයින්ගේ මර්දන යන්ත්‍රයෙන් ආරක්ෂාවී ජීවත්වීම යනාදිය‍‍යි.

අභ්‍යන්තර ආරක්ෂාව යනු මානසික ආරක්ෂාවයි.එනම් භයක් සැකක් නොමැතිව ජීවත්වීමට ඇති අවශ්‍ය තවයයි.අනෙකාගෙන් ගැරහුම්,අපවාද,බියගැන්වීම්වලින් තොරව ජීවත් වීමට සියළුම දෙනාට අවශ්‍යතාවයක් ඇත.තම පවුලේ අය සමග,හිත්වතුන් මිතුරන් සමග මානසික නිදහසකින් ජීවත්වීමට ඇති අවශ්‍යතවය මූලික අවශ්‍යතාවන්ගෙන් තවත් වැදගත් අංශයකි.  සෞඛ්‍ය  සම්පන්න,නිරෝගී ජීවිතයක් ගතකිරීමද සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතවයකි.සෞඛ්‍ය සේවය යනු මානව වර්ගයාගේ අත්‍යවශ්‍යම අවශ්‍යතවයක් බැවින් එය සැපයීම රජයේ වගකීමක් ලෙස දියුනු මිනිස් සමජය සලකනු ලබන්නේ එබැවිනි.

Belongingness and love needs :

මුලින් කී අවශ්‍යතා සපුරාලූකල පිරමීඩයේ ඊලග අදියර බැදීඇත්තේ ආදරය හා සම්බන්ද අවශ්‍යතා වලිනි.මිනිස් ජීවිතයට ආදරය,අනෙකා හා එකතුවීම,ඔවුන් සමග හුවමාරුකරගැනීම මුලින් කී අවශ්‍යතා මෙන්ම අනීවාර්ය අවශ්‍යතාවයකි.(සමහර සමාජ විද්‍යාඥයින් මෙම අවශ්‍යතාවය පිරමිඩයේ දෙවෙනි මාලයේ ස්ථාන ගතකරයි.)දෙමපියන් ළමයි අතර ආදරය,තරුණ තරුණියන් අතර ඇතිවන ආදරය,යහළු යහෙලියන් අතර ආදරය,අසල් වැසියන් සමග ඇති බැඳීම් ආදී සියලුම ගනයේ බැඳීම් මෙයට අයත්වේ. සෑම පුද්ගලයක්ම තමාට ආදරය ලැබීමට,අනෙකාට ආදරය කිරීමට ඇති ආශාව හුදෙක් ආශාවක්ම පමනක් නොව එය මිනිසාගේ අවශ්‍යතාවයකි.අපි සමාජයක් ලෙස එකට බැදී පවතින්නේ මෙම ආදරය නිසයි.

මේහා බැදුනු තවත් අවශ්‍යතාවයක් නම් තමන් තවත් කන්ඩයමක(group) එකක කොටස් කරුවෙකු වීමේ ඇති අවශ්‍යතාවයයි.මෙය අපි නොදැනුවත්ම අපසිතේ අතිවන කැමත්තක්.අපි යම්‍ යම් සමිති සමාගම්වල: මරණාධාර සමිති,තරුණ සමිති,ක්‍රීඩා සමිති, කළා සංගමය,වෘත්තීය සමිති,දේශපාලන පක්ෂවලට අපි සම්බන්ද වෙන්නේ අපේ මොනයම් හෝ අයිතිවාසිකමක් දිනාගැනීමට හෝ පොදු කාර්‍යයන් කිරීම අරමුණ උවද එය අපගේ මානසික අවශ්‍යතවයකි.ඒවාට  සම්බන්ද වූ විට අපි එම කන්ඩායමේ කොටස් කරුවෙක් යන හැගීම අපතුල ඇතිවීම තුලින් අපිට මානසික ආරක්ෂාවක්, ශක්තියක් ලැබේ. තමාගෙන් අනෙකාට ප්‍රයෝජනයක් වේවි යන හැගීම ඒ තුලින් අපිට ඇතිවේ.උදාහරනයක්:අපේ දෙමව් පියන්,වැඩිහිටියන් සෑමපෝයටම පන්සල් යාම,ක්‍රිස්තියානි බැතිමතුන් පල්ලි යාම  ආදිය ගන්න.ඔවුන් එයට සහභාගි වෙන්නේ ආගමික අරමුනකින් උවත් එහි යටින් ඇත්තේ සමාජ අරමුනකි.එම ආයතන තුලදී ඔවුන් හදුනාගත් පුද්ගලයින් සමග හිතවත්කම් මිත්‍රකම්  ගොඩනගාගැනීම තුලින් ඔවුන් මිනිස් ජාලයක කොටස් කරුවෙකු වෙන්නේ ඔවුන් නොදැනුවත්මයි. තමන් හුදකලා වී තනිවී නැතැයි යන හැගීම ඒ තුලින් ඔවුන්ගේ මනස තුල ඔවුන් නොදැනුවත්ම ඇතිවේ(unconsciously)

මෙම සමාජ  සම්බන්දතා වැඩිවූතරමට ඔහු හෝ ඇය මනසිකව ශක්තිමත් වී ස්ථාවර වේ.ඔවුන්ගේ ජීවිතය සමබර වේ.එහි අනෙක් පැත්තනම් සමාජ සම්බන්දතා  බිඳ වැටුනහොත් ඔහු හෝ ඇය මානසික පසුබෑම්වලට,මානසික ආත්තියට ගොදුරුවීම නොවැලැක්විය හැකිය.එහි අතුරු ප්‍රතිපල ලෙස  එම පුද්ගලයින්   දිවිනසාගැනීම්,ප්‍රචන්ඩත්වයට නැබුරු වීම නිරීක්ෂ්ණය කලහැක.

බිළිදු දරුවන් දෙමාපියන්ගෙන්,සහෝදර සහෝදරියන්ගෙන් ඈත්ව දිගුකලක් රෝහල් ගතකර තිබීමෙන්  එම ළදරුවන්ට ඇතිවන මානසික ව්‍යාදි පිළිබදව ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයකු වූ

Rene SPITZ  තම Hospitalisme  නැමති ඔහු විසින් ඉදිරිපත්කරනලද සංකල්පයේදී දක්වා ඇත. ඔහුට  අනුව එම ළමුන් මානසික ආබාද මෙන්ම අත්පා වල ක්‍රියාකාරිත්වයේ විකුර්තිතා වලින්  පීඩා විදීමට පුලුවන.

Esteem needs

මෙයින් අදහ්ස් වන්නේ සෑම පුද්ගලෙකුටම ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත්වීමට ඇති අවශ්‍යතාවයයි.සමාජයෙන්  ගෞරවය ලැබීමට,ප්‍රශංන්සා ලැබීමට, අගය කිරීම්වලට ලක්වීමට අපි සියළුම දෙනා කැමැත්තෙමු.තමාට තමා ගැන ඇතිවන ආත්ම තෘප්තිය,තමාගේ ජීවිතය ගැන ඇතිවන සෘනාත්මක ඇගයීම,තමාගේ අදහස්,මතවාදවලට අනෙකා ඇහුන්කන්දීම,ගරුකිරීම,තමාට සමාජයේ හිමිවියයුතු ගෞරවාන්විත ස්ථානය ලබාගැනීම,තමා ගැන ආත්ම විශ්වාසයක්,ගෞරවයක් ඇතිවූවිට ඔහුගේ සමාජ සබඳතා තව තවත් වැඩිදියුනු වේ.මෙම විශ්වාසය හා සමාජයේ තමාට හිමි ස්ථානය ලබාගැනීම මිනිස් අවශ්‍යතාවයකි.මෙය පවුල් ඒකකයේ සිට සමාජයේ සෑම මට්ටමකටම බලපායි.පවුලක කුඩා ළමයෙකුට උවද ඔහුට හිමි ස්ථානය ලබාදීමෙන්,ඔහු පවුලේ වැදගත් තීන්දු තීරන වලට හැකිතරම් සම්බන්ද කරගැනීමෙන් ළමයාගේ මානසික වර්දනයට උපකාරි වනවග ළමා මනෝ වෛද්‍යවරුන්ගේ මතයයි.

Self Actualization Needs :

පිරමීඩයේ ඉහලම මාලයේ ඇති අවශ්‍යතවය වන්නේ සෑම පුද්ගලෙයෙකුටම  නිර්මානාත්මක දේවල් කිරීමට,අලුත් දේවල් අත් හදා බැලීමට, ඉගෙන ගන්නට,තමන්ගේ දක්ෂතා වැඩිදුදියුනු කරගැනීමට යනාදී වශයෙන් ඇතිවන මානසික අවශ්‍යතාවයන්ය.වඩුවැඩකරන්නා එය ඔහුගේ රැකියාව වුවද තම නිර්මාන වලින් තෘප්තියක් ලබනවා නියතයි.(මා රැකියාව කල ස්ථානයක සිටි උයන් පාලකයා (gardener) දිනපතා උදේ වැඩපටන්ගැනීමට පෙර දුම්වැටියක් උරමින් වත්තෙ මල්පාත්ති  අතරින් එහි සුන්දරත්වය විදිමින් එහාමෙහා යනහැටි මා අනන්ත නිරීක්ෂනය කර ඇත.ඒ එය ඔහුගේ රැකියාවට වඩා එහාගිය ඔහුට මානසික තෘප්තියක් ගෙන දුන් කරුනක් බව ඒකාන්තයි.)ලෝකය වෙනස්කල,අළුත් නිර්මාණ ලොවට එක්කල සියළුම දෙනා තම නිර්මාන බිහිකලේ නිර්මාන කිරීමට මිනිසාට ඇති මානසික අවශ්‍යතවය නිසාය.චිත්‍ර ශිල්පියා තමා අදින චිත්‍ර තුලින් ඔහුගේ ජීවිතය කියවාගනියි.සමහරු අද්‍යාපනයෙන් ,ක්‍රීඩා වලින්, සංගීතයෙන් ආදී ක්ෂේත්‍ර වලින් ඉහලට ගොස් නොයෙක් ක්ෂේත්‍රවල දක්ෂතා පෙන්වීමට ආශාවක් දක්වයි.මේ ආශාවන් හුදෙක් අපතුල ඇතිවන ආශාවන්ම පමනක් නොව ඒවා මිනිසාට ඇති අවශ්‍යතාවයකි.

මෙම අවශ්‍යතා පිරමීඩයේ පහත මාලය සවිමත් නැත්නම්,නැතහොත් මිනිසාගේ මූලික අවශ්‍යතා ඉටුවී නත්නම් එයට ඉහලින් ඇති මාලය නිසැකවම කඩාවැටේ.එනම් දෙවෙනි මාලයේ අති අවශ්‍යතා ඇතිනොවේ.උදාහරනයක් ලෙස ගතහොත්,කුසගින්නේ සිටින පුද්ගලෙයකු තම ජීවිත ආරක්ෂාව පවා නොතකමින් කඩයකින් කෑම් සොරකම්  කිරීමට පෙලඹීම.තුවක්කු සහිතව මුරකරුවන් සිටින වත්තකට හොරෙන් ඇතුලු වී එළවලු,පලතුරු කඩා ගැනීමට උත්සාහ දැරීම වැනි සිදුවීම් ගන්න.එයින් කියවෙන්නේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වනවාට වඩා කුසගින්න නිවාගැනීම වදගත් වන

වගයි.

මස්ලෝ විස්තර කරන ආකාරයට අවශ්‍යතා අතිවන අයුරු වටහා ගනීමට කදිම උදාහරනයක් ඔබ සමහරවිට කියවා අති  Daniel defoe  නැමති ලේඛකයා විසින් රචිත Robinson Crusoé  නැමති නවකතාවේ එන විස්තරය.එහි රොබින්සන් තමන්ගේ මුහුදු යාත්ත්‍රාව අනතුරට ලක්වූපසු  කැරීබියන් මුහුදේ අති දූපතකට ගොඩගසයි.ඔහු පලමුව සොයන්නේ බීමට ජලයයි.ඉන්පසු ඔහුට ගසක්යට හොදටම නින්දයයි.ඉන්පසු රාත්ත්‍රිය ගතකිරීමට ගස්වල අතුවලින් පැලක් අටවා ගනියි.පසුව එම දූපතේ මිනිසුන් ඇත්දැයි සොයාබලීමට අවිදගෙන යයි.ඔහුගේ මූලික අවශ්‍යතා වනුයේ පිරමීඩයේ එන පලමුවෙනි හා දෙවෙනි මහලයේ ඇති අවශ්‍යතවයන්ය.

මෙම සන්කල්පය  සමාජ,දේශපාලන ප්‍රශ්න වීසදීමට සැලසුම් කරද්දී සලකිල්ලට ගතයුතු කරුනු වේ.උදාහරනයක් ලෙස ලංකාවේ උතුරු නගෙනහිර ජාතික ප්‍රස්නය විසදීමේදී ඊළාම්,ෆෙඩරල්,13 + වනි මොන ‍යෝජනා ඉදිරිපත් කලත් පහත මාල දෙකේ අවශ්‍යතා ඉටුවී නොමැතිනම් ඉහි විසෙඳෙන කිසිදු ප්‍රස්නයක් නොමැත.ඊට හේතුව නම් ස්වයං පාලනය,ප්‍රජතන්ත්‍රවාදය වැනි සංකල්ප පිහිටා  තිබෙනුයේ පිරමීඩයේ ඉහල මාලයක බවිනි.

අපි අසා ඇති බෞද්ධ   කතාවක කියවෙන පරිදි බුදුහාමුදුරුවො එක්තරා කුසගින්නේ සිටි පුද්ගලෙයෙකුට ධර්ම දේශනා කරන්න කලින් ඔහුට කෑම් බීම දීල කුසගිනි නිවලා තියෙන්නේ කුසගින්නේ සිටින පුද්ගලෙයෙකුට දහම් දෙසීමෙන් ඇති වැඩැක් නැති නිසයි.

පසුගිය ජනාදිපතිවරනයේදී ප්‍රසිද්ධ පැවිදි උත්තමයෙක් හිට්ලර් කෙනෙක් වගේ වෙලා හරි රට හදන්න කියල ගෝඨාභයගෙන් ඉල්ලා සිටින විට එයට විරුද්දවෙනවා වෙනුවට අතිවිශාල ජනතාවක් එය අනුමත කරලා ගොඨාභයට චන්දය දීම අරන් බලන්න.එම ඉල්ලීමේ තේරුම ප්‍රජාතන්ත්‍රවාදය ,නිදහස නැතිවූවාට කමක් නැත ඊට වඩා වැදගත් ජනතාවගේ මූලික ප්‍රශ්න,එනම් පිරමිඩයේ පහත මාල දෙකේ අවශ්‍යතා ඉටු කිරීමවැදගත් බවයි. ජනතාව බලාපොරොත්තු වූවේ රටේ ආර්ථික ප්‍රශ්න විසදා, විශේෂයෙන් බයක් සැකක් නොමැතිව ජීවත්වීමට  පරිසරයක් නිර්මානය කරවාගැනීමටයි. එයට විශාල ජන කමැත්තක් ඇතිඋනේ ලංකාවේ බහුතරයක් ජනතාවගේ පිරමිඩයේ පහලෙ මාළයේ  ඇති  අවශ්‍යතා තවමත් ඉටුවී  නොමැති  නිසයි.  

ලංකාව වැනි මූලික අවශ්‍යතා ඉටුනොවුන විශාල ජන  සමූහහක් සිටින රටවල ජනතා අරගල බොහෝදුරට පනනගින්නේ ආර්ථික ප්‍රශ්න හේතුකොට ගෙනයි.එයට හොදම උදාහරනය පසුගිය දිනවල (ඔක්තෝම්බර් 2020)කොළඹ නගරයේ ස්ථාන කීපයක, කොරෝනා බෝවීමේ අවදානම හා රාජ්‍ය මර්දනයේ අවදානම නොතකා කොරෝනා ආධාර ඉල්ලා ජනතාව වීදි බැසීමයි. නමුත් පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සීමාකරන අණපනත් සම්මත වෙද්දී ජනතාව ඒවාට විරුද්ධව හඩ නොනැගුවේ ප්‍රජතන්තවාදය,මානව නිදහස වනි සන්කල්ප පිරමීඩයේ ඉහලම මාලයේ අති අවශ්‍යතා නිසාවෙනි. (ප්‍රජතන්ත්‍රවාදය, නිදහස යනු පුද්ගලෙයෙකුට  හිතන්න,නිර්මාන කරන්න,තමන් කැමති අදහසක් දරන්න, විවේචනය කරන්න,තමාට ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත්වීමට අති අවශ්‍යතායි.)    එහෙත් මූලික මිනිස් අවශ්‍යතා ඉටුවී අති  යුරෝපයේ  රටවල පුද්ගල නිදහස සීමාකිරීම සදහා පාලකයින් දරන උත්සාහයන් පලමු මොහොතේදීම ජනතා විරෝධාතා නිසා අකුලා ගනීමට සිදුවේ.  උදා: ප්‍රංශයේ  මහජන උද්ඝෝෂන වලදී පොලීසිය විසින් කරන පහරදීම් වල වීඩියෝ,පින්තූර සමජ මාද්‍යවල පලකිරීම තහනම් කිරීමට ප්‍රංශ පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව  එයට විරුද්දව පැවති ජනවිරෝධතා නිසා හකුලගැනීමට සිදුවීම.       

               මෙම පිරමීඩයේ ඇති ආකාරයට අවශ්‍යතා පූර්ණලෙස හෝ වැඩිප්‍රතිශතයකින් ඉටු වී අති රටක සමාජය යම් ස්ථාවරත්වක් හා එහි ජනතාව වඩා තෘප්තිමත් ජීවිත ගතකරනවා අපිට දැකගහැක.තවත් සලකියයුතු කරුනක් නම් පහතමාලයේ සියලුම අවශ්‍යතා ඉටුවී ඉන් අනතුරුව ඊට ඉහලමාලවල අති අවශ්‍යතා පැනනගින්නේ නැති වගයි. මෙම සියළුම අවශ්‍යතා ක්‍රමානුකූලව ස්ථාන ගතවන වග මස්ලෝ විසින් අවධාරනය කර ඇත. උදාහාරනයක් ලෙස පහතමාලයේ අවශ්‍යතාවලින් 75% ක් ඉටුවූ පසු ඊට ඉහල මාලවල පිලිවෙලින් 60%,40%,20% ආදී වශයෙන් අවශ්‍යතා පැනනගී.

අවසන්  වශයෙන් කිවයුතුවන්නේ මෙම පිරමිඩය එක්තරා ආකාරයකට සැලස්මකි.නිවසක් ඉදිකිරීමේදී  එහි වදගත්ම කොටස වන්නේ එහි අඩිතාලමයි.ඒමත ඉදිවන බිත්ති හා වහල රැදීපවතින්නේ නිවසේ අඩුතාලමේ ඇති ශක්තිමත්කම මෙන් මිනිස් මූලික අවශ්‍යතා ඉටුවී ඇත්නම් ඒමත ඇති අනෙකුත් අවශ්‍යතා ශක්තිමත්ව පවතී.අඩිතාලම දුර්වලනම් එහි ඉහලමාල ස්ථිරලෙසම බිද වඩෙනු ඇත.උතුරට ෆෙඩරල් යෝජනා කිරීම අඩිතාලමක් සහ බිත්ති නොමැතිව වහල පමනක් යොදා ලස්සන නිවසක් ඉදිකිරීමට උත්සාහ දරීමක් වැනිය.

Article Categories:
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares