බෞද්ධ රාජ්‍යයක කවුද මේ උඩ පනින්නේ?

Written by

අර පොලිස්කාරයෙක් මිනිහෙක්  පෙරලා  දමලා ඒ මිනිහගේ ඇඟ උඩට පනින එක පිළිබඳව අපේ කෝපය එල්ල කළ යුත්තේ කොතැනටද? ඔබ හොඳින් දකින්න ඇති මේ වගේ සිදුවීම් පසුගිය කාලයේ ලෝකයේ විවිධ රටවලින් මතුවුනා. මෙයින් පැහැදිලි වෙන්නේ  ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව මිලිටරි බලය ඇති පොලිස්කාරයෙකුට මේ විදියට බය නැතිව හැසිරෙන්න පුළුවන් වීම කියන කාරණය රටකට ජාතියකට සීමා වෙන්නෙ නෑ කියන එක.  

ඊට වඩා මේ අශිෂ්ට විදියට හැසිරීමට බලපාන්නේ පාලන ආකෘතිය, කොයි වගේ පාලකයෙක් යටතේ ද මේක සිද්ධ වෙන්නේ කියන එකයි.පසුගිය කාලයේ ඇමරිකාවේ මීට සමාන සිදුවීමක් සිදුවුනේ ට්‍රම්ප්ට් නම් පාලකයා යටතේයි.අපේ එය සිදු වෙන්නේ රාජපක්ෂ පාලනය යටතේයි.ඔබ සිංහල ජාතියේ පැත්ත අරං කොයිතරම් ඇමරිකාවට බැන්නත් ඇමරිකාව සහ ශ්‍රී ලංකාවේ පාලනය  සමානවක තැනක් තමයි ඔතන.ඒත් සමහරු කැමතියි මේක බෞද්ධ රාජ්‍යයක් ඇමරිකාවට වඩා ශිෂ්ට විදිහට හැසිරෙන්නෙ කියලා කයිවාරු ගහන්න. පහුගිය කාලය පොලිස් ලොක්කෙක් මේගොල්ලොන්ට භාවනා කරන්න පවා ඉගැන්නුවා. බොහෝ පොලිස් උත්සව බෞද්ධ ක්‍රියාකාරකම් කරලා තමයි පටන් ගන්නේ.ඒ අර්ථයෙන් මේ පොලිස්කාරයාගේ හැසිරීමෙන් හාස්‍යයට ලක් වන්නේ  ඒ බෞද්ධකමයි.

ඒ සියලුම ආගමික සංදර්ශන වලට යටින් තියෙන ඇත්ත මොකද්ද? අපේ රටේද මේ පොලිස් කාරයින්ට මෙවැනි සිදුවීමක් සිදු උනහම පාලකයා ජනතාවගේ පැත්ත ගන්නවට වඩා පොලිස්කාරයින්ගේ පැත්ත ගන්න බවට ඔවුන්ට තියෙනවා ලොකු විශ්වාසයක්. පොලිස්කාරයා මේ උඩ පනිමින්  පෙන්වන්නෙ පොලිස්කාරයා නීතිය එක්ක සෙල්ලං කරන ආකාරයයි. මේ තමයි නීතිය සදාචාරය මිල්ටරි බලය මේ පාලනය යටතේ පුරවැසියා පෙරලගෙන උඩපනින ආකාරය!

මේ නිලධාරිවාදය අහෝසි කරමින් නීතියේ ආධිපත්‍ය සැමට පිහිට වන ක්‍රමයක් කවදාවත් මේ රජයට ඇති කරන්න බෑ. ඔවුන්ට කරන්න පුළුවන් ජනතා විරෝධයක් එන සිදුවීමක් ආවොත් ඒවාට හුදෙකලාව, පොලිස් නිළධාරියා වහාම අත්අඩංගුවට ගත්ත වැනි ප්‍රවෘත්ති වලින්, පිළිතුරු දීම විතරයි. බොහෝ විට අපේ ජනතාව ද රජයේ එවැනි ප්‍රතිචාර වලින් සෑහීමකට පත්වෙන බවක් පේනවා. නමුත් අවශ්‍ය වන්නේ කිසිවකුට මෙසේ හැසිරෙන්න බැරි මේ බිම වැටුනු පුරවැසියාට මෙම නිලධාරියාට එරෙහිව නීතිය කරාගොස් නිරුපද්‍රිතව ඉන්නට පුළුවන් ලොකු පොඩි සැමට සාධාරණ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමයි.


-ධනංජය කරුණාරත්න 

ReplyForwar
Article Categories:
දේශීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares