තම රටේම ජනතාව සමග සන්නද්ධ කැරලි තුනක් කල රටක මේ සමාජ ක්රමයේ දුෂිත සහ තුච්ච බව අප අමුතුවෙන් කිව යුතුද? අපේ අත්දැකීම් ඒ සඳහා සාක්ෂි දැරුවද ලෝකයේ ප්රකට ප්රංශ දර්ශන වාදියෙකු වන ඇලෙන් බදියෝ 2015 දී චීන සංචාරයකදී නිර්නාමික දර්ශන වාදිනියක් සමග කල සම්මුඛ සාකච්චාවකදී ධනපති ක්රමය ගැන ඇයගේ අවසාන ප්රශ්නයට බදියෝ මෙසේ පිළිතුරු දුන්නේය.
චීන දාර්ශනිකාව:ඉතින් ධනපති ක්රමය අපේ ජානවල අප සෑම දෙනෙකුගේම ආවේගයන් වල නැත්තේද?එම නිසා එයට විරුධව සටන් කල යුතුයයි කීම එහි විරුධාභාසය නොවෙයි ද?
බදියෝ:ධනපති ක්රමයේ සහේතුක බව සඳහා තර්ක කිරීමට අවසානයේ නොහැකිබ මම නිතරම දැක ඇත්තෙමි.එය දුෂිත සහ තුච්ච පරිමිතයන් වැනි දෙයක් වන බැවින් මුලික වශයෙන් ධනපති ක්රමය ප්රතිමානය විය නොහැකි නිසා එය එකම යථාව ලෙස ප්රකාශ කල යුතුව ඇත.මට ඔබට මෙය කීමට ඉඩ දෙන්න.ධනපති ක්රමය යනු මුළු මනින්ම කෘතීම සමාජ ක්රමයකි.අපි තවමත් මාක්ස් කල විකල්පයට මුහුණ දෙන්නෙමු.කොමියුනිස්ට්වාදය නැත්නම් ම්ලේච්චත්වය.
වර්තමානයේ ම්ලේච්චත්වය දැඩි ලෙස ආධිපතයධාරිය.නමුත් එහි ව්යාධීමය අංගය පිලිබඳ දැනුම ද ප්රගතියක් උදාකර ගනිමින් සිටි.මේ ප්රගතිය මන්දගාමී සහ අදෘශ්යමාන වන නමුත් මුලු මනින්ම පාහේ යථාවකි.මේ සැඟවුන ප්රගතිය පිළිබඳව විශ්වාසකරන දාර්ශනිකයන් ගෙන් එක අයෙක් වන්නේ මමයි.
බදියෝ ගේ මේ ප්රස්තුතය අපි ලංකාවේ ධනපති ක්රමයේ පැවැත්ම සම්බන්ධයෙන් යෙදිය යුතුය.
–දයාපාල තිරාණගම