ජාතිය බිහිවීම හා එහි අයිතිහාසික පසුබිම විමසමු .

Written by

මිනිසා ලොවට බිහි වුයේ ජාතිය කරමත තබාගෙනද ?
පළමු කොටස
 යලිත් වරක් ජාතිය මුල් කරගනිමින් ලේ වැගිරීමට ඉව අල්ලමින් සිටුනු බව දිනෙන් දින සිදුවන අවාසනාවන්ත සිදුවීම් වලින් පෙනේ. පාලකයන්ගේ රුචි අරුචිකම් වෙනුවෙන් ජාතීන් අතර ඝට්ටනය නිර්මාණය වන අතර , ජාති හා ආගම් භක්තිකයින්ට එහි ගැඹුරු ඇතුලාන්තය පිළිබඳව කිසිදු අවබෝධයක් හෝ එය අවබෝධ කර ගැනීමට උවමනාවක් හෝ නැත. සියල්ලටම පෙර තමන්ගේ ජාතිය අංක එකට රැගෙනවිත් ඇත. ඒ වෙනුවෙන් තම ජීවිතයද පුජා කිරීමට ඇතැම් ඔලමොට්ටලයින් සුදානම් වන්නේ පාලකයන් විසින් නිර්මාණය කල සටකපට නාටකයේ නළුවන් බවට පත් වෙමින්ය. මේ සියලු ගැටුම් වල ඒකායන ප්‍රතිපලය මිනිස් ජීවිත දස දහස් ගණනින් රටට අහිමි වීම වුවද, ගර්හිත පාලකයන්ට මිනිස් ජීවිත , මානව බැඳීම් පිළිබඳව කිසිදු තෙතමනයක් නැත. ඔවුන්ගේ එකම අරමුණ ලේ ගංගාවන් මතින් හෝ තම බලය  රැක   ගැනීමය.  ජාතිය මත පදනම්ව වසර තිහක් ලේ උරා බිව් ජාතීන් සිටින රටකට , තවත් ජාතිවාදී ගැටුමක් අවැසි නැත. ජාතිය වෙනුවෙන් අවි එසවීමට පෙර  අප මුලිකව ජාතිය පිළිබඳව දැනගත යුතු නොවේද ? මේ ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේ ජාතියේ ආරම්භය හා එහි විකාශනය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දීමටය.
ලෝකයේ සෑම ජන කොට්ටාශයක්ම එකිනෙකට වෙනස්ය. එය ශාරීරික වශයෙන්, සදාචාර වශයෙන් , සංස්කෘතික වශයෙන් , භාෂාමය වශයෙන් වෙනස්කම් රාශියක් දැකිය හැක. එහෙත් මේ සියල්ලන්ම මානව වර්ගයාගේ දුදරුවන්ය.  මෙම විවිධත්වය පිළිගැනීමට නොහැකි වන්නේ මානව ශිෂ්ඨාචාරයෙන් ඔබ්බෙන් ජීවිතය පටන් ගත් කොටසකට පමණි.


මානව විද්‍යාඥයින්ට අනුව මිනිස් සංහතිය විශාල වර්ග 3 කට ද කුඩා වර්ග කිහිපයකටද බෙදා ඇත. එසේ වුවද වර්තමානයේ ජීවත් වන ඔබද මමද ඇතුළුව  මුළු මහත් මානව සංහතියම  අයත් වන්නේ බුද්ධිමත් මිනිසා නොහොත් Homo Sapiens නම් එකම විශේෂයටය.ප්‍රධාන මානව වර්ග තුන වන්නේ

1 )නීග්‍රොයිඩ් – ඔස්ට්‍රොලොයිඩ් ( සමක)  නීග්‍රොයිඩ්  =   අප්‍රිකානු කලාපයේ සමකය ආසන්න රටවල  ජීවත් වේ.   නීග්‍රොයිඩ් වර්ගයට අයත් වන්නේ දකුණු අප්‍රිකානු (බුෂ්මන්) , මධ්‍යම අප්‍රිකානු (පිග්මි) , සූඩානිය (නීග්‍රෝ) , නැගෙනහිර අප්‍රිකානු (ඉතියෝපියානු)   ජනයින්ය.
 ඔස්ට්‍රොලොයිඩ් = ඕෂනික් කලාපයේ ආසන්නයේ ජීවත් වේ. ඔස්ට්‍රොලොයිඩ් වර්ගයට අයත් වන්නේ අන්දමන් දුපත් වල වෙසෙන ( නිග්‍රිටෝ ) ඔස්ත්‍රලියානු ( අබෝර්ජයින් ) කුරිල් ( අයිනු ) සිලෝන් සොන්ඩ් ( ලංකාවේ වැදී ජනයා ) මෙම වර්ගයට අයත් වේ. 

2 ) යුරෝපීසොයිඩ් ( යුරෝසියානු )යුරෝපය හා ආසියාව සුසංයෝග වී මෙම ජනවර්ගයන් බිහිවේ. ඔවුන් ජනාවාස වන්නේ මෙම මහද්වීප දේම අතරය.දකුණු යුරෝපියානු ( ඉන්දු -මධ්‍යධරණී ) හා උතුරු යුරෝපියානු ( අත්ලාන්තික් . බෝල්ටික් ) ලෙස යුරෝපීසොයිඩ් වර්ගයද දෙයාකාරයක් ගනී.දකුණු යුරෝපියානු= දකුණු ඉන්දියානු ( ද්‍රවිඩ ) , ප්‍රාග් ආසියානු , මධ්‍යධරණී -බෝල්කන් , අත්ලාන්තික් – කලුමුහුදු , නැගෙනහිර යුරෝපියානු  උතුරු යුරෝපියානු = අත්ලාන්තික – බෝල්ටික , සුදු මුහුදු බෝල්ටික

3) මොන්ගොලොයිඩ් ( ආසියානු -ඇමෙරිකානු )ආසියා හා පැසිපික් කලාපයන් මුලික කොටගෙන මෙම ජනවර්ගය විසිරී ඇත. උතුරු හා දකුණු  මොන්ගොලොයිඩ් ලෙසද , ඇමෙරිකානු ඉන්දියානු ලෙසද  මෙම ජනවර්ගය  කොටස් තුනකට  බෙදේ
**උතුරු මොන්ගොලොයිඩ් = උතුරු ආසියානු හා නැගෙනහිර ආසියානු කලාපය  පුරා විහිදී ඇත.
යුරල් , දකුණු සයිබීරියානු, මධ්‍යම ආසියානු , සයිබීරියානු ( බයිකල් ), නැගෙනහිර ආසියානු ,   ආර්ක්ටික් ප්‍රදේශයන් උතුරු මොන්ගොලොයිඩ් ජන කොටස වාසය කරයි.


**දකුණු මොන්ගොලොයිඩ් = ආසියා හා ෆැසිපික් කලාපය මුලික කොටගෙන වාසස්ථාන ගොඩනග ගෙන ඇත
දකුණු ආසියානු හා පොලිනිසියානු ජන කොටස් මෙයට අයත් වේ.
 ** ඇමෙරිකානු  = ඇමෙරිකානු හා ඉන්දියානු මිශ්‍රනයක් තුලින් මෙම අජන්වර්ගය නිර්මාණය වේ. රතු ඉන්දියානුවන් ලෙස අප හඳුන්වන්නේද මෙම ජන කොටසමය.


උතුරු ඇමෙරිකානු , මධ්‍යම ඇමෙරිකානු , පටගෝනියානු ලෙස ත්‍රිත්වයකට බෙදේ.
මානව සංහතිය තුල පවත්නා කායික විශේෂතාවයන් , බාහිර පෙනුම , රූප විද්‍යාව හා ව්‍යවච්චේදය අනුව ඇති ලක්ෂණ පදනම් කරගනිමින් ඉහත සඳහන් ප්‍රධාන මානව වර්ගයන් ත්‍රිත්වය සැකසී ඇත. එබැවින් එක මනුෂ්‍යකු තුල මෙහි සඳහන් විව්ධත්වයන් සියල්ලම එකවර දැකිය නොහැක. මෙම විවිධත්වය අප පිළිගත යුතු වන්නේ හුදු ජාතිවාදී හෝ වෙනයම් හේතු පදනම් කර ගනිමින් නොව , එය නිර්මාණය වීමට බලපෑ පාරසරික හා ජීව විද්‍යාත්මක සාධක පදනම් කරගෙනය. මෙම ප්‍රධාන මානව වර්ගයන් තුනට අමතරව  තවත් කුඩා මානව වර්ගයන් ගණනාවක් සිටින බව ඉහත සඳහන් තොරතුරු මත ඔබට අවබෝධ වන්නට ඇත.  විවිධ  වෙනස්කම් ඇති වුවද එකම මානව සංහතියකට අයත් මේ සියල්ලම ඓතිහාසික විකාශනයක ප්‍රතිඵලයක් වේ. මෙම විවිධත්වය ඇතිවීම හුදු ඕපපාතිකව හටගත් දෙයක් නොවන බවද සඳහන් කල යුතුය. මානව කණ්ඩායම් අතර ඇති වූ භූගෝලීය හා සමාජ හුදකලාව , ස්වභාවික වරණ ක්‍රියාවලිය මෙන්ම අන්තර් විවාහ ආදියද මත සිදුවූ මිශ්‍රනයන් මෙලෙස මානව වර්ග ඇති වීමට බල පා ඇත. එබැවින් මේ ලොව කිසිදු මානවයෙකු හට ශුද්ධ වූ ජාතියක් හෝ දේශයක් නැත.


මිනිසා ගේ පාතමික අවධියේ දී මුහුණ දුන් භූගෝලීය හා සමාජ හුදකලාව , ස්වභාවික වරණ ක්‍රියාවලිය මෙන්ම අන්තර් විවාහ පිළිබඳව මෙන්ම මානව වර්ග ඇති වී විසිරී ගිය ආකාරය  දෙවන ලිපියෙන් බලාපොරොත්තු වන්න.

සටහන – රසල් සී පී බන්ඩාරවත්ත

Article Categories:
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares