ජපන් අපරාධ නවකතා කලාවේ රැජිණ – කිරීනෝ නට්සුඕ

Written by

ලෝකය පුරා පාඨකයන් අතර අපරාධ නවකතා කලාව ජනප්රිෝය සාහිතය අංගයකි. බටහිර ආභාෂය ඔස්සේ වර්ධනය වී, පසුව එයටම ආවේණික කලාවක් වර්ධනය කරගත් ජපන් අපරාධ නවකතා කලාව නැතහොත් Crime Fiction යනු අද ලෝකයේ දැඩි පාඨක අවධානයක් යොමුවන කලාවකි. වර්ෂ 1951 ඔක්තෝම්බර් මස 07 වැනිදා ජපානයේ ඉෂිකාවා හි උපත ලද ඇය ලේඛිකාවක් වීමේ ආසාවෙන් පෙලුණ තරුණියක් විය. මුලදී ආදර නවකතා ලියන්නට ගත් ඇය විසින් නවකතා දෙකක් ප්රකාශයට පත්කළද ඒවා අසාර්ථක විය. පසුව එය තමාට නොගැලපෙන බව වටහාගත් ඇය අපරාධයක සංකීර්ණ මනෝභාවයන් පිළිබඳව ලිවීම අරමුණු කරගත්තාය. එයින්පසුව ඈ අතින් ලියැවුණු අපරාධ ශානරයේ සහ රහස් පරීක්ෂක ශානරයේ නවකතා ජපානය තුළ ඉමහත් ප්ර සිද්ධියක් ලබාදෙමින් ලෝකය වෙත යන්නට ඇයට ඉඩ ලබා දුණි. මේ වනවිට 69 වන වියේ පසුවන ඇය හැඳින්වෙන්නේ ජපාන අපරාධ නවකතා කලාවේ රැජිණිය ලෙසයි.


ඇය පළමුව ජාත්‍යන්තර  අවධානයට පාත්රක වන්නේ 1996 වසරේදි නිකුත් කෙරුණු ඇගේ OUT නම් නවකතාව සමඟයි. මේ නවකතාවට ජපානයේ අපරාද නවකතාවලට පිරිනමන ඉහළම grand prix සම්මානයද, The Best Japanese Crime Fiction of the Year සම්මානයද, හිමිවූ අතර ඉන්පසුව එම කෘතියම 2004 වසරේ Edgar සම්මානය සඳහා ද නිර්දේශ වෙයි. මේ කතාවට පදනම් වන්නේ කෑම ඇසුරුම් කරන කර්මාන්තශාලාවක රාත්‍රි  වැඩමුරයෙහි යෙදෙන මසාකෝ, යයෝයි, අසුමා සහ කුනිකෝ යන කාන්තාවන් සිව්දෙනෙකු වටාය. කතාව ඇරඹෙන්නේ යයෝයි සියා සැමියා ඝාතනය කිරීමෙනි. මේ ඝාතනය සැඟවීම සඳහා ඇගේ මිතුරියන් තිදෙනා එක්ව සැලැස්මක් නිර්මාණය කරයි. එහෙත් ඔවුන් නොදන්නා කාරණයක් එහි පිටුපස තිබේ. ඒ ජපානයේ බයානක අපරාධ කල්ලියක් වන යකුසා කල්ලියේ සෙවණැල්ල මේ මරණය වටා කැරකෙන බවයි. පිටු 552ක් පුරා දිවෙන මේ කතාව තුළ ත්‍රාසය  භීතිය සහ සංකීර්ණ සමාජයක කාන්තාවන් මුහුණ දෙන අභියෝග මෙන්ම දේශපාලනයද එක හා සමානව කැටිකොට ලියැවුණකි.


විශේෂයෙන්ම ලෝකයේ කියවිය යුතුම ත්රිසලර් සහ අපරාධ නවකතා ලැයිස්තු වල මෙන්ම penguin All-time favorite crime/thriller Fiction අතර ඉහලින් රැඳෙන මේ නවකතාව ජපන් අපරාධ නවකතා කලාවේ නව නැම්මක්ඇතිකල කෘතියක් බව විචාරක පිළිගැනීමයි. අද වන විට ජපානයේ කාන්තා රහස් පරීක්ෂක නවකතාවේ ප්ර මුඛ භූමිකාව නට්සුවෝ කිරීනෝ වෙත හිමිව තිබේ. විවිධ සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇති ඇය අදටද සිය නවකතා පාඨකයන්ට තිළිණ කරයි. ඔත්තුවක් – ඒ ඉදිරියේදී ඔබට මෙය සිංහලෙන් කියවන්නට ලැබෙන බවයි.


‘යමු’ මසාකෝ කීවාය. නව වසර එළඹී ටික කලකට පසුව වාහන නැවතුම් අංගණයේ සිට කර්මාන්තශාලාව දක්වා දිවෙන මාර්ගයෙහි ගැවසෙන ආගන්තුක මිනිසෙකු කතා කරන හඬ ඇයට ඇසෙන්නට පටන් ගත්තේය. කිසිවෙකු විසින් අඳුරු සෙවණැලි අතරට ඇදගත් තමන් යාන්තමින් ගැලවීමට පෙර ප්රටහාරයට ලක්වූ බව අර්ධ කාලීන සේවකයින් කිහිප දෙනෙකු විසින් පැමිණිලි කර තිබුණේ ඉන්පසුවය. කාන්තාවන් කල්ලි වශයෙන් ගමන් කළ යුතු බවට අනතුරු ඇඟවීමක් ආයතනය විසින් නිකුත් කෙරිණි. හරිහැටි ආලෝකමත් නොවුණු, ගුරු පාර දිගේ ගිම්හානයේ අන්ධකාරය මැදින් ඔවුහු ගමන් කළහ. එතරම් ආකර්ෂණීය නොවූවද, අඩුම තරමින් මේ පෙදෙසේ ජීවය ඇති බවට ලකුණක් වූ විශාල උද්යා න සහිත ගොවි නිවාස සහ මහල් නිවාස කිහිපයක් සිග් සැග් ආකාරයට දකුණු පසින් පිහිටා තිබිණි. හෑරි ගිය අගලට ඔබ්බෙන් වූ අතහැර දැමූ පැරණි කෑම ඇසුරුම් කර්මාන්ත ශාලාවක්, බෝලිං ක්‍රීඩා  කරන ස්ථානයක් ආදි වශයෙන් අතහැර දැමුණු හුදෙකලා ගොඩනැගිලි පේළියකින් වම්පස සමන්විතය. ප්‍රහාරකයා  තමන්ව අතහැර දමා ඇති ගොඩනැගිලි අතරට ඇදගෙන ගිය බවට ප්‍රහාරයට ගොදුරු වූවන් පැවසූ බැවින් කුනිකෝ සමඟ හනි හනිකට යන අතරේ මසාකෝ ප්‍රවේශමෙන්  වටපිට බැලුවාය.  


දකුණු පසින් වූ මහල් නිවාසයක එක් නිවසකින් පෘතුගීසි  බසින් කාන්තාවක හා පිරිමියකු වාද කරන හඬ ඔවුනට අසන්නට හැකිවිය. බොහෝවිට ඔවුන් කර්මාන්තශාලාවේ සේවකයින් විය හැකිය. අර්ධ කාලීනව සේවය කළ ගෘහණියන්ට අමතරව වාර්ගික හා ජපන් සම්භවයක් ඇති බ්‍රසීල  ජාතිකයෝ රාශියක් කර්මාන්ත ශාලාවේ සේවය කළ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා විවාහක යුවළයන් වූහ.  


‘ඒ පිස්සා බ්‍රසීලකාරයෙක් කියලයි හැමෝම කියන්නේ’ අන්ධකාරයට රවමින් කුනිකෝ පැවසුවාය. පිළිතුරක් නොදීම මසාකෝ ගමනේ යෙදුනාය. ඔහුගේ සම්භවය එතරම් වෙනසක් ඇති නොකරනු ඇත. ඇය කල්පනා කළේ  කර්මාන්තශාලාවේ වැඩකිරීමෙන් ඇතිවන මේ මානසික ආතතියට කිසිදු පිළියමක් නොවන බවය. කාන්තාවන් හැකි උපරිම අයුරින් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතුය.


‘ඒ යකා හෙන හයිය උස මහත එකෙක් කියලයි කට්ටිය කියන්නේ. ඌ වචනයක්වත් නොකියා ගෑණු අයව ඇදලා අරන් කිටි කිටියේ බදාගෙන ඉන්නවලු’ යම් ආශාවක ඉඟියක් කුනිකෝගේ ස්වරයෙහි විය.


රාත්රිරයේ තාරකාවන්ගේ දර්ශනය අපහැදිලි කරන ගන වළාකුළු ස්ථරයක් මෙන් කුනිකෝද වටහා ගැනීමට අපහසු, එලිපිට අදහස් නොදක්වන තැනැත්තියක් විය. බයිසිකලයක් තිරිංග කරන හඬක් ඇසී කලබලයෙන් පිටුපස බලන විට වයසක කාන්තාවක් බයිසිකලය පැදගෙන යන අයුරු ඔවුහු දුටුවෝය.


‘ආහ් මේ දෙන්නනේ’ ඇය කීවාය. ‘හායි’. ඒ යෝෂි අසුමාය. වයස හැටකට ආසන්න වැන්දඹුවක් වන ඇය සතු කඩිසර අතැඟිලි ඇයව කර්මාන්ත ශාලාවේ වේගවත්ම සේවකයා බවට පත් කළේය. ඊර්ෂියා සහගත බවකින් තොර ගෞරවයකින් අනෙක් කාන්තාවෝ ඇයට ‘ලොක්කී’ යැය ආමන්ත්‍රණය  කළහ.


‘ආහ් ලොක්කී. සුබ උදෑසනක්’ සහනයට පත්වූ ස්වරයකින් මසාකෝ පැවසුවාය. කිසිවක් නොකී කුනිකෝ පියවරක් පසුපසට තැබුවාය. //

සටහන – රස්මික මඩවල 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares