“චාලී මා හදවතෙහි හිඳී. මළකුණ ඔබ ළඟම තබාගන්න”-ඌනා චැප්ලින්

Written by

රෝද පුටුවට සීමාව සිටි අසූ අට හැවිරිදි චාලි චැප්ලින් සිය බිරින්දෑ වූ ඌනා සමගින් අවසානම වතාවට කෙටි සැදෑ සවාරියක නියැලී ගෙට වන්හ. 1977 හි සීතල දෙසැම්බරයේ නත්තල උදා වී තිබුණු අතර අළුයම් පළමු හෝරාවේදී සිය දරුවන් හත් දෙනෙකුගේ උණුසුම් ආදරය මධ්‍යයේ ප්‍රිය බිරිදගේ කදුළු පිරි දෙනෙතෙහි දුටු උතුරා පිටාර ගැලූ සෙනේහය දකිමින් චැප්ලින් සිය විඩාබර හෘත් පේශීන් සදාකාලයටම විරාම ගන්වා තිබිණි!


එලෙස සාමකාමී මරණයකින් නිශ්චලව ගිය දේහයට සාමයක් උදා නොකරමින් කිසිවෙකු සොහොන බිද, පොළෝ කැන, චාලි චැප්ලින් ගේ මළ දේහය සොරාගෙන ගොස් තිබිණි. තොරතෝන්චියක් නැති දුරකතන ඇමතුම් විසි හතකින් සිදුකළ බිගැන්වීම්, කරදරකිරීම් හා අපහාසයෙන් පසු මළ දේහය සදහා පවුම් 40,000ක කප්පමක් ඉල්ලා තරුණ කටහඩක් පාරම් පා තිබිණි.

සිනාමුසු මුහුණින් සියල්ල පිළිකෙව් කොට තිබූ ඌනා මහත්මිය කුණ ලග තබා ගන්නා ලෙසත්, චාලි හදවතෙහි ජීවත්වන බවත් උන්ට දන්වා තිබිණි.


අන්තර්ජාලය ඇසුරිනි 

Article Categories:
විදෙස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares