කූට ක්ශුද්‍ර මුල්‍ය ණය ආයතන ගැන ඔබ දැනුවත්ද?

Written by

මොනවද ලංකාවේ තිබෙන මේ කූට ක්ශුද්‍ර මුල්‍ය සමාගම්. නිශ්පාදන ආර්තිකයක් වෙනුවට සේවා ආර්තික හරහා ලාභ ලැබීම පහසු වීම හා  මූලික වීම නිසා රට පුරා මුල්‍ය ආයතන පිහිටුවමින් තක්කඩි වියාපාරිකයින් ජනතාව කොල්ලකෑම සිදුකරමින් ප්‍රාග්ධනය පහසුවෙන් ගොඩ ගැසීම සිදු කරමින් සිටී.


ජනතාවගේ ආර්තික පීඩාව අත්කොලුවක් කරං මෙවැනි ආයතන ඕනෑම කටයුත්තකට පහසුවෙන් ණය දීමට කටයුතු කිරීම සිදුවෙනවා. ණය පොලිය 30%-50% අධික පොලියක් දක්වා විය. 2016ට පෙර රටතුල ක්ශුද්‍ර මුල්‍ය ආයතන බොහෝමයක් හොර රහසේ පවත්වාගෙන ගියා. 2016 අංක6 දරණ පනත මගින් එම කූට මුල්‍ය ආයතනවලට නීතිමයරැකවරණයක් සැපයීම සිදු කලා. 2018 වන විටත් මෙවැනි මුල්‍ය ආයතන 1500කට වඩා පැවතින.


ඒවනවිට 76කට වඩා අඩු සංක්‍යාවක් මහ බැංකුවේ ලියා පදිංචිව පැවතින.රජයේ හෝ මහ බැංකුව මගින් කිසිදු නියාමන කටයුත්තක් මේ ක්ශුද්‍ර මුල්‍ය සමාගම් වල ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒවගේම මේ ක්ශුද්‍ර මුල්‍ය ආයතන ණය ගන්න මිනිසුන්ගේ ණය ගැනීමේ කටයුතුද කිසිම නියාමනයක් කරන්නේ නැහැ. ලංකාවේ ක්ශුද්‍ර මුල්‍ය ආයතන කීපයක නම්.


• LOLC

• HNB Finance

• BRAC

• Berendina

• Bimputh

• Vision Fund

• Nation Lanka

• CB Lanka

• Sarvodaya

• Sanasa

• Commercial Credit


මෙවනි ආයතන මගින් ණය ගැනීමට පෙලඹී ඇත්තේ නාගරික,අර්ධ නාගරික,ග්‍රාමීය,වතු වල ජීවත් වෙන් අඩු ආදායම් ලාභීන් හා රජයේ සේවකයින්ද වීමත් විශේශයක්. මේ නරුම ක්‍රමය භාන්ඩ  අධිපරිභෝජනය ජීවිතයක් වැඩකරන ජනතාවට පුරුදු කිරීම නිසා ලැබෙන සොච්චම් වැටුප ඒසදහා ප්‍රමානවත් නොවීමත් මේ ණය ගැනීමට මිනිසුන් පෙලබී ඇත.

මොන විදිහේ සුලු ආදයම් මාර්ගයක් සදහා මේ මිනිසුන්ට ප්‍රාග්ධනයක් නැත. එනිසා සුලු වියාපාරයක් ඇරඹීමට ණය ගැනීම අනිවාර්‍යයක් වී ඇත. සුලු වියාපාර හරහා නිශ්පාදනයක් කලත් ඒවා සදහා වෙලදපොලක් නැත. නිශ්චිත මිළක් නැත. කොටින්ම කියනවානම් රටේ නිශ්පාදන ආර්තික ඇත්තේද නැත. එනිසා මිනිසුන් මොන දහංගැටයක් දාලා නිශ්පාදනයක් කලත් කිසිදු පලක් නැත. සමස්තයක් ලෙස සැලකුවත් රටේ පාලකයින් පවා කරන්නේ ණය ගැනීම හා ඒ ණය හා පොලීවාරික ගෙවීමට තවත් ණය ගැනීම පමනයි. ඊට උත්තර ලෙස ගෙදර සන්තකේ තියෙන හැම දෙයක්ම විකුනනවා වගේ ,රටේ තියෙන හැම බිම් අඟලක්ම විකුනවා,කැලෑ එලිකරලා විකුනනවා. මේ ක්ශුද්‍ර මුල්‍ය සමාගම් කාරයින්ට අහු උන ජනතාවටත් මූණ පාන්න සිදු වීඇත්තේද කබලෙන් ලිපට වැටීමක් පමනයි.


(ක්ශුද්‍ර මුල්‍ය තුල ඇති අක්‍රමිකතා හා සිදුව ඇති හානිය පසු ලිපියකින් බලාපොරොත්තු වන්න)

– චම්පිකා ජයවර්ණ

Article Categories:
දේශීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares