අධ්‍යාපනයට කිසිදු සීමාවක් නොමැත…

Written by

මිය යනතුරා අප ඉගෙනගත යුතුය…” මෙලෙස ප්‍රකාශ කළේ, ශර්මිලා විනෝදනිය.


ඇය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, පූනගරි, වේරවිල් උපත ලැබුවාය. උපන් නගරයට ගැළපෙන පරිදි ඇයගේ මුවෙහි නිතරම පවතින සිනහාව කාගෙත් සිත් ගන්න එකක් විය. ඇයගේ ළමා විය බොහෝ අභියෝග මධ්‍යයෙහි ගත විය. එම නිසාම සිය මූලික අධ්‍යාපනය සඳහා පාසල් කිහිපයකටම ඇතුළත් වූවාය. වේරවිල හින්දු විද්‍යාලය, නුනාවිල් අමිර්තාම්බිගෛ විද්‍යාලය, ඉලුප්පකඩවෛ මහ විද්‍යාලය, සාවකච්චේරි හින්දු විද්‍යාලයේ ඇය සාමාන්‍ය පෙළ දක්වා ශිල්පය හැදෑරුවාය. උසස් පෙළ සඳහා ඇය ඇතුළත් වූයේ, මන්නාරමේ පිහිටි සිත්තිවිනාගයර් හින්දු විද්‍යාලයටයි. අනතුරුව යාපන විශ්වවිද්‍යාලයේදී  භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් වන මූලික උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී සිය පශ්චාත් උපාධියත් ඇය අවසන් කළාය.ඒ අතරතුර ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී තවදුරටත් තම අධ්‍යාපනය ප්‍රගුණ කරගැනීම උදෙසා අධ්‍යන කටයුතුවල නිරත වීය.


පාසලේ වියේ සිටම අධ්‍යාපනයට අමතරව බාහිර ක්‍රියාකරම්වල නිරත වීමේ පුරුද්දක්, ශර්මිලා සතු විය. එම නිසා පාසලේ ඇයගේ නමක් නොමැති තරඟ ඉසව්වක් සොයා ගැනීම ඉතා අපහසු කරුණක් විය.


එමෙන්ම ඇයගේ රචනාවක්, “අක්කිනිකුංජු” (ගිනිපුපුර) නමැති පාසල් සඟරාවේ පළ විය. එය ඇයගේ නිර්මාණයක් මුද්‍රණය වූ ප්‍රථම අවස්ථාවයි.
ඇයගේ විශ්වවිද්‍යාල ගමන ද පහසු ගමනක් නොවිය. මන්නාරම් නිවසේ සිට පැය තුනක් තුළ යාපනය විශ්වවිද්‍යාලය වෙත යාමේ හැකියාව තිබුණ ද, ඔවුන්ට එලෙස ගමන් කිරීම අවස්ථාව අහිමිව තිබුණි. ඒ වෙනුවෙන් ඔවුන් ත්‍රිකුණාමලය වෙත ගොස් දින ගණන් බලා සිට නැව් හරහා සිය ගමනාන්තයට ළඟා වීමට සිදුවිය.


ඇයගේ පළමු කවි පොත ලෙස “ඉරප්පාඩිගලින් නාට්කුරිප්පු” (නයිටිංගේල් කුරුල්ලාගේ දිනපොත) ලෙස 2016 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදි. එම පොතෙහි ඇය විසින් රචනා කරනු ලැබු පළමු කවිය වන நம்பிக்கை நூல் !!
வெற்று மரத்தின் கீழ்வேற்றுக்கிரக வாசிகளாய்இன்னும்ஏத்தனை நாட்களுக்குஎமது பயணம்?
විශ්වාසයයි ආයුධය !!


“නුපුරුදු ගසක් යටනුපුරුදු ග්‍රහලෝක වැසියන් සේතවත්කොපමණ කාලයකට ද “යන කවිය 83 වන පිටුවේ පළවී කෙරුණි. අනතුරුව 2018 වසරේදී “මොට්ටෛ පනමරමුම්, මුහමාලෛ කාට්ට්‍රම්” නමැති කෙටි කතා සංග්‍රහය ඇය රචනා කළාය.එමෙන්ම 2020 දී පල වූ “මගලින් වාසම්” නමැති කාව්‍ය සංග්‍රහය ද ඇයගේ නිර්මාණ අතර වෙයි.


එමෙන්ම ශර්මිලාගේ නිර්මාණ ජීවනදි, පොක්කිසම්, මන්නල්, මන්නාර්, කූඩදිසෛ, මුළක්කම්, විගඩන් , කල්ගී ආනන්දවිගඩන්, කාක්කෛසිරගනිලේ, පූවරසි සහ  කතෛසොල්ලි යන දේශීය සහ විදේශීය සඟරා, වෙබ්අඩවිය සහ පුවත්පත්වල ද පළ විය.


“මලරුම් මන්නාර්” (පිබිදෙන මන්නාරම) නමැති වාර්ථාමය චිත්‍රපටියක් ද ඇය අධ්‍යක්ෂණය කලේ ඇය මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී ලෙස කටයුතු කරන සමයේය.තව ද මේ වසරේ “ඔරු ඔරු පොළුදුම්” නමැති කෙටි චිත්‍රපටිය ද ඇයගේ අධ්‍යක්ෂණය යටතේ සිදු වූවකි.


මෙරට රාජ්‍ය මට්ටමින් සංවිධාන කළ විවිධ තරගවලට සහභාගී වූ ඇය ඉන් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගැනීමට ද සමත් වූවාය. එයට කදිම නිදසුන නම් 2018  වර්ෂයේ ඇය ජාතික සාහිත්‍ය උළෙලේදී හොදම ලේඛිකාවට හිමි සම්මානය හිමිකරත් හ.


මේ වනවිට ඇය IBC Tamil TV සහ Radio හි වැඩසටහන් නිෂ්පාදිකාවක සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නීයක ලෙස කටයුතු කරමින් සිටියි.
எனக்கும் முளைக்கும்சிறகுகள்எனக்கும் கிடைக்கும்ஒரு வானம்.
දිනක අපටත් තටු ලැබේවිඅහසක් ලැබේවී
මේ ඇගේ ප්‍රාර්ථනයයි.

සුභ පැතුම් කිවිදියනි.


සටහන – ජෙගන් ගනේෂන්

Article Categories:
සාහිත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares