ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන පසුගිය  (12) දා නිපන්දුවක් හේතුවෙන් කඩුල්ලක් අහිමි වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමණාකාරීත්වය තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීමට විරෝධය දැක්වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය ජාතික ධජය වන සිංහ කොඩිය පවා යොදා ගෙන තිබිණ.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුට නාම යෝජනා හිමිව තිබේ. ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නව දකුණු වේල්ස් ශාඛාව (NSW) වෙනුවෙන් එරට වෙසෙන ජගත් බණ්ඩාර මහතාට මෙලෙස නාම යෝජනා හිමිව ඇති බව වාර්තා වේ.‍

 

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර ඊයේ  (09) එංගලන්තයේ ලෝඩ්ස්  ක්‍රීඩා පිටියට පැමිණියේ ය.

තරඟ පාවාදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවිය යුතු බව එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් පවසයි.

ලෝ ප්‍රකට බොක්සින් තරුවක් වූ මොහොමට් අලී අද සිය ජීවිතයෙන් සමුගත්තේය. මියයන විට 74 වන වියේ පසු වූ ඔහු ලොකයේ බිහි වූ අංක එකේ බොක්සිං තරුව ලෙස ද සැලකේ. 

එසේම අලී මානව හිතවාදියෙකු ලෙස සහ යුධ විරෝධියෙකු ලෙස ද අලී ප්‍රසිද්ධය. එමෙන්ම ලොව ජනප්‍රියතම මුස්ලිම් භක්තිකයා ලෙස ද සැලකේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පැහැදිලි ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතුව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බීබීසීය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පරදවා කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ලකුණු 07ක ජයක් ලබාගෙන තිබේ.

Page 4 of 4