ජමෙයිකාවේ උසෙයින් බෝල්ට් අඛණ්ඩව තෙව වරටත් ලොව වේගවත් ම මිනිසා ලෙස ඔලිම්පික් වාර්තා අතර සිය නාමය රැඳවීමට සමත් විය.

යුස්රා මර්දිනි දහ අට හැවිරිදි සිරියානු ජාතික පිහිනුම් ක්‍රීඩිකාවක්. ඇය ජීවත් වූ ප්‍රදේශයට එල්ල වූ දැඩි බෝම්බ ප්‍රහාර හමුවේ යුස්රා ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයන් සිරියාවෙන් පලා යන්නේ සිය ජීවිත ලංසුවට තබමින් මධ්‍යධරනී මුහුද හරහා කුඩා ඩිංගි බෝට්ටුවකිනි.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 106කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.  මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 203ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පල්ලෙකැල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ  අද දිනයේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ කුළුදුල් ටෙස්ට් ශතකය වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් දැන් සමත්විය.

රුසියානු මලල ක්‍රීඩා කණ්ඩායමට එළඹෙන රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ වළකාලමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජගත් ඔලිම්පික් කමිටුව ඊයේ (24) තීරණය කර තිබේ.

තමන්ගේ ගමන් බිමන් පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරණ ආයතන දැනුම්වත් නොකිරීම නිසා  කොදෙව් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩි්‍ර රසල්ට විශේෂ පරීක්‍ෂණ කමිටුවක් හමුවේ පෙනී සිටීමට සිදුවී තිබේ. අන්තර්ජාතික මත්ද්‍රව්‍ය නිවාරන නීති රීති අනුව මත්ද්‍රව්‍ය චෝදනාවන්ට ලක්වන ක්‍රීඩකයන් තමන්ගේ ගමන් බිමන් පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරණ ආයතන දැනුම්වත් කළ යුතුය.

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් තරගයට සුදානම් බවට තොරතුරු ලැබී ඇති නමුත් දක්ෂතා වර්ධනයක් සිදුවී ඇති බවට සාක්ෂි දැන ගැනීමට නැති බව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂක යෝගානන්ද විජේසුන්දර පවසයි.

ශ්‍රී ලංකා පිල එංගලන්ත සංචාරයෙන් පරාජයට පත්වුවත් ලොකු ප්‍රශ්නයක් නොමැති බවත් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය 2019 ලෝක කුසලාන තරගාවලිය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (07) පැවසීය.

බංග්ලාදේශයේ ඩකා අගනුවර ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඉන් මිය ගිය පිරිස සමරණු වස් එරට දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී අයර්ලන්තය සමග පැවති තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව එංගලන්තය සමග නොටිංහැම්හිදී පැවැති මුල්ම එක්දින තරගයේදී මුලින්ම තම ඉනිම නිමකළේ එංගලන්තයට 287ක අසීරු ඉලක්කයක් ලබාදෙමින්. තරගය පැවැති විදිහට බොහෝ දෙනා බලා‍පොරොත්තු වුණේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයි කියලා. ඒක වඩාත් තහවුරු වුණේ ශ්‍රී ලංකාව යැවූ අන්තිම පන්දුවේදී ලකුණු 7ක් ලබාගැනීමට සිදුවීමෙනුයි. ඒත් අවසන් පන්දුවේදී ලකුණු 6ක් ලබාගත්තොත් තරගය සමවෙනවා. ඇත්තටම කිසිවකු අපේක්ෂා නොකළ අන්දමින් සිදුවුණෙත් එයයි. පන්දුවට පහර දුන් නමුත් පන්දුයවන්නකු ලෙස වඩාත් ප්‍රකට ලියම් ප්ලන්කට් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන්කරමින් තරගය සමකළේ අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනුයි.

Page 3 of 4