editor

editor

මේ වනවිට රාජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කිරීම යෝජිත වැඩ වර්ජනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කෙට සිටී.

රටක් සතු දැවැන්ත සම්පත් වන්නේ එම රට සතු රාජ්‍ය සම්පත්ය. කිසියම් රාජ්‍යයක රාජ්‍ය පාලකයන් විසින් කළ යුතු වන්නේ එකී සම්පත් නිසි කළමණාකරණයෙන් එවැනි දෑ වඩා වර්ධනය කිරීම සදහා ඇප කැපවීමය. එහෙත් පැවැති පාලකයන් මෙන්ම මේ වන විට පාලනයේ නියුතු වූවන්ද ඒ සම්බන්ධයෙන් දැක්වූ උනන්දුවේ තරම පෙන්නුම් කිරීම ලංකාවේ ආර්ථික අවපාතයන් සම්බන්ධයෙන් ලොවට කියා පානු ලබන උදාහරණයන්ය.

මේ වෙසක් පොහොයේ ඔබවහන්සේ මොකක්ද බෞද්ධයන්ට ලබා දෙන පණිවුඩය?

 

බුදු හාමුදුරුවෝ රජ කුමාරයෙක් විදිහට බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න තියෙද්දී වෙනත් බොහෝ වෙනස් මැදිහත් වීමක් කළා. උන්වහන්සේ අවසන් හුස්ම හෙළන තුරුම පටන් ගත්ත වැඩ කොටසේ අවංකවම යෙදෙනවා.

ඒ අවසන් හුස්ම හෙළීම සිදු වෙන්නෙත් වයස අසූවෙ දි සාමාන්‍ය පාරෙ ගහක් යට. කතා පොත් සහ විහාර චිත‍්‍ර බැලූවම අපිට හිතෙන්න පුළුවන් බුදු හාමුදුරුවො වටේද රජවරු, සේනාව ආදී මහා පිරිසක් හිටිය කියලා. එහෙම එකක් නෑ. ආනන්ද හාමුදුරුවො පමණයි හිටියේ. වයස අසූවේදීත් අවසන් හුස්ම හෙළන්නේ මිනිස්සු වෙත යමින් ඉද්දී ගහක් යට. එතකොට රජ කුමාරයෙක් විදිහට ඉපදිලා ගහක් යට මිය යනවා. මම හිතන්නේ ඒක ප‍්‍රබල පණිවුඩයක්. ඒක ප‍්‍රබල වෙන්නේ උන්වහන්සේ උපතින්ම දුප්පත් කෙනෙකුත් නොවන නිසා. උන්වහන්සේ තමන් තෝරා ගත් ගමනක ඉන්නේ. එතකොට සංවේදයකුත් එක්ක අපි අවංක වෙමින් ඇයි උන්වහන්සේ එහෙම මඟකට බැස්සේ කියන එක කල්පනා කළ යුතුයි. බුදුහාමුදුරුවන්ට ඕන වුණේ උත්සව පවත්වන්න නම් ඒකට අවස්ථාව තිබුණා. ධනවත්කම නම් අවශ්‍ය කළේ ඒකට අවස්ථාව තිබුණා. රාජරාජ මහාමාත්‍ය ආදීන් පිරිවරා ගත්ත ප‍්‍රභූවරයෙක් වෙන්න නම් ඕනෙකම තිබුණෙ ඒකට ඉඩකඩ තිබුණා. ඒවා සියල්ල අත ඇරලා සමාජයේ පතුලටම බැහැලා ඒ කරපු මැදිහත් වීමේ අගය මොකක්ද? අන්න ඒ ගැන සිතීමේ අවංක එළැඹුමට එන්න පුළුවන් නම් ඊළඟට අපිට හිතන්න පුළුවන් වෙසක් එකට මොකක්ද කරන්න පුළුවන් කියන එක. මම හිතන්නේ ඒකට අපි ගොඩක් වෙනස් වෙන්න ඕනෙ.