ක්‍රීඩා

ක්‍රීඩා (44)

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය.

එකොළොස්වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට හීදර් නයිට් ප්‍රමුඛ එංගලන්ත කාන්තා කණ්ඩායම අද සමත් විය. ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගනයට පැමිණ සිටි 28,000 ක් වූ නරඹන්නන් අමන්දානන්දයට පත්කරන අවසානයක් ද උදා කරමිනි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ.

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් පළමු අවස්ථාව සටහන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පැවති දෙවැනි 20-20 තරගයෙන් කඩුළු දෙකක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත් විය.

මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ශ‍්‍රී ලංකාව ජයගෙන ඇත.

මෙල්බර්න් නුවරදී පසුගිය දා  පැවැති අවසන් මහ තරගයේදී පිට පිට තරග වට දෙකකින් ලකුණු 6-4 ක් සහ 6-4 ක් ලෙස සිය වැඩිමල් සොයුරිය වීනස් පරාජය කළ සෙරීනා විලියම්ස් ඕස්ට්‍රේලියානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාව දිනාගත්තාය. මේ ජයග්‍රහණයත් සමග ග්‍රෑන්ඞ් ස්ලෑම් විවෘත තරග ඉතිහාසයේ වැඩිම ශූරතා ගොන්නක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ් සමග ඇයට තිබුණු කුසලාන 22 ක සම වාර්තාවේ තනි අයිතිය තම නමට ලියා ගැනීමටද සෙරීනා සමත්වූවාය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස තෙවන තරගය කඩුලු පහක් අතැතිව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක් දින ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි විස්සයි විස්ස තරගයෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාව බලා පැමිණියේය.

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරග පරාජයෙන් පසුව ජයග්‍රාහී පිපාසයකින් සිටින ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගයට අද දකුණු අප්‍රිකාව සමග සහභාගි වේ. සෙන්චූරියන් හිදී ආරම්භ වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් කිරීම සදහා වන සැලසුමක් පිළිබදව පසුගිය දා මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය කර සිටියේය. ඒ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය සදහන් කොට සිටියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් හා විස්සයි විස්ස තරගාවලියේදී වන ජයග්‍රහණය මත මැතිව්ස්ගේ නායක්තවය සම්බන්ධ වන මතභේදයක් ආරම්භ විය හැකි බවත් එසේ නොවන්නට නම් තරගාවලිය ජයග්‍රහණය කළ යුතු බවත්ය . 

Page 1 of 4