නවසීලන්ත රග්බි කණ්ඩායමේ (ඕල් බ්ලැක්ස්) ප්රේක්ෂකයෙකු වන මහේල එම කණ්ඩායමේ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් මේ බව පවසා ඇත.
ශ්රී ලංකාවේ රග්බි ක්රීඩකයන්ට වේගය හා කුසලතාව තිබුණත් දේහධාරී හා ශක්තිය නොමැතිවීම ගැටළුවක් වි ඇති බවත් ඔහු පවසයි.කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ගැටලුව නිමා වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
මේ අතර පාසල් රග්බි ක්රීඩාව ඉදිරියට පැමිණ ඇති බවත් ශ්රී ලංකාවේ ක්රීඩා සමාජයන්ට ක්රීඩා කිරීම සඳහා මේ වන විට එංගලන්තය, ෆිජී, සැමෝවා ඇතුළු රටවලින් ක්රීඩකයන් පැමිණෙන බවත් ඔහු සඳහන් කරයි.