පුද්ගලික කරුණක් හේතුවෙන් ඔහු දකුණු අප්රිකානු සංචාරයෙන් ඉවත්වූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන නමුත් ආබාධ තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණෙන බව ඇන්ජලෝ මැතිව්ස් මීට ඉහතදී සඳහන් කළේය.
නුවන් ප්රදීප් සහ ධනුෂ්ක ගුණතිලක ක්රීඩකයන්ද ආබාධ හේතුවෙන් යළි ශ්රී ලංකාවට පැමිණි අතර, ඔවුන් තිදෙනා වෙනුවට සඳුන් වීරක්කොඩි, ලහිරු මධුශංක සහ චතුරංග ද සිල්වා කණ්ඩායමට තෝරා ගන්නා ලද බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය සඳහන් වේ.
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර එක් දින තරගාවලිය ජනවාරි 28 වැනි දින පෝට් එළිසබෙත් හිදී ආරම්භ වේ.