Thursday, 19 January 2017 23:16

නායකත්වය ගනීද?  හැරයාද  ? මැතිව්ස් ගැන ප්‍රශ්නයක් 

Written by 
Rate this item
(0 votes)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් කිරීම සදහා වන සැලසුමක් පිළිබදව පසුගිය දා මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය කර සිටියේය. ඒ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය සදහන් කොට සිටියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් හා විස්සයි විස්ස තරගාවලියේදී වන ජයග්‍රහණය මත මැතිව්ස්ගේ නායක්තවය සම්බන්ධ වන මතභේදයක් ආරම්භ විය හැකි බවත් එසේ නොවන්නට නම් තරගාවලිය ජයග්‍රහණය කළ යුතු බවත්ය . 

 

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් ද අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ එය අප්‍රිකානු සංචාරය නොව 2019 දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී සිදුවන්නක් බවත්ය.

කෙසේ නමුත් සිදුවන වෙනස් කම් අභිමුවෙහි ඇන්ජලෝ මැතිව්ස්ගේ පුද්ගලික මතය මේ වන තෙක් ප්‍රකාශ වී නොමැති අතර ඇති වන මෙවැනි මතවාදයන් මත ඔහුගේ මානසිකත්වය නායකත්වයක් දැරීමේ තත්වයේ පැවැතීමට ඇති හැකියාවේ ගැටලු මතු විය  හැකි බව ක්‍රිකට් විචාරයකයින්ගේ මතය වී ඇත. 

Read 286 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.