Sunday, 08 January 2017 22:57

දෝනි එක් දින පිටියේ නායකත්වයෙන් සමුගනී 

Written by 
Rate this item
(0 votes)

මහේන්ද්‍ර සිං දෝනි සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකතත්වයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කරයි.

 

එහෙත් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ජනවාරි මස 15 වෙනිදින ආරම්භ කෙරෙන තරඟ තුනකින් සමන්විත එක්දින සහ 'විස්සයි විස්ස' තරඟාවලියට ඔහු සහභාගී වීමේ ඉඩකඩක් පවතින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

මේවනවිට තිස්පස් වන වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝනි 2007 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් ඉන්දියානු ජාතික කණ්ඩායමේ සහ සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා හැටියට මෙන්ම කඩුළු රකින්නා හැටියට ක්‍රීඩාකළේය.

ඉන්දියාව 2007 සහ 2011 වසරවල ලෝක ක්‍රිකට් ශූරතාවය , 2011 විස්සයි විස්ස ලෝක ශූරතාව සහ 2013 චැම්පියන් ශූරතාව දිනාගත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙනි.

Read 310 times Last modified on Sunday, 08 January 2017 23:37

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.