ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාව තුළින් ඉදිරියට එනු ඇති බවත් අනාගතයේදී ලෝකයේ ප්‍රධාන රග්බි ක්‍රීඩා කරන රටවල් විස්ස අතරට ශ්‍රී ලංකාව පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.
පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය.
එකොළොස්වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට හීදර් නයිට් ප්රමුඛ එංගලන්ත කාන්තා කණ්ඩායම අද සමත් විය. ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගනයට පැමිණ සිටි 28,000 ක් වූ නරඹන්නන් අමන්දානන්දයට පත්කරන අවසානයක් ද උදා කරමිනි.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ.
ඉන්දියාව නොසිතූ පරිදි දණ ගැස් වූ ලංකා ක්‍රීඩකයින්ගේ වික්‍රමය
Written by editorශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් පළමු අවස්ථාව සටහන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවති දෙවැනි 20-20 තරගයෙන් කඩුළු දෙකක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ඇත.
මෙල්බර්න් නුවරදී පසුගිය දා පැවැති අවසන් මහ තරගයේදී පිට පිට තරග වට දෙකකින් ලකුණු 6-4 ක් සහ 6-4 ක් ලෙස සිය වැඩිමල් සොයුරිය වීනස් පරාජය කළ සෙරීනා විලියම්ස් ඕස්ට්‍රේලියානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාව දිනාගත්තාය. මේ ජයග්‍රහණයත් සමග ග්රෑන්ඞ් ස්ලෑම් විවෘත තරග ඉතිහාසයේ වැඩිම ශූරතා ගොන්නක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ් සමග ඇයට තිබුණු කුසලාන 22 ක සම වාර්තාවේ තනි අයිතිය තම නමට ලියා ගැනීමටද සෙරීනා සමත්වූවාය.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස තෙවන තරගය කඩුලු පහක් අතැතිව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මැතිව්ස් ගෙදර එයි , නායකත්වයට උපුල් තරංග පත් කෙරේ..
Written by editorදකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක් දින ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි විස්සයි විස්ස තරගයෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාව බලා පැමිණියේය.