ලන්දේ මැද කන්දේ වැද රැන්දේ කැකුළු 

වින්දේ මන බැන්දේ හද ඇන්දේ මුකුළු

සින්දේ දුක බින්දේ හස දන් දේ හැකිලූ

වැන්දේ නිති පින්දේ බිම නින්දේ උකුළු

කනගරායන් ආරු

උතුරටම ගලාපන්

කන්මනී හැංගිච්ච

තල් අරණ සොයාපන්

වර්ණවත් කළෙමි 

මා සතු සියලු වර්ණ ගෙන 

පිළිවෙළකට 

නෙක නෙක පැහැ යොදා 

වත්මන ඒ පැහැ සියල්ල සෝදා දමා 

අැය... 

තවරා ගන්නට සුදානම් ය 

කළු ම කළු වර්ණය

 

 

සීත කාලය ඇවිත් නපුරු සුළඟත් අරන්

වසන්තය පැන ගොසින් අපේ ජීවිත වලින්

රුදුරු දිය නිවසෙ අපෙ පා පඩිය මත ඉඳන්

සරදමට සිනාසී සිටියි එබිකම් කරන්

 

 

රුපියලෙන් රුපියලට එකතු කොට කැටේ මම

මිලට ගත් ආදරෙන් මගේ පොත් මිතුරු කැළ

තියන්නට තැනක් නැත අපිට උඩු මහල් නැත

ඇඳුම් ටික අරගත්තා දුවේ අපි යමං දැන්

 

 

ස්වභාවික පිහිටීම මේ බිමේ තිබුණු පෙර

හාරලා ගොඩගසා පස් කඳන් කැමති ලෙස

වතුර බැහැ යන්‍‍නෙ නෑ ජල කානු එකිනෙකට

යක්ෂයන් පිනුම් ගැසු භූමියකි කොළඹ අද

 

 

පාසලට පන්සලට එකතු වී අසරණව

මිතුරියකි සියල්ලම පස් කන්ද යට තිබෙන

තනත්නට පෙර නිවස බලන්නට සුදුසු තැන

දැන් කියති මහත්තරු අපි ඕවා දන්නවද

 

 

සැඟවිලා ඇය මුල්ලෙ ගවුම් කොන වසා ගෙන

මම දුන්නෙ මට තිබුණු එකම එක ලේන්සුව

පළමු වර මෙය නොවේ අනාථව අසරණව

අවසානයත් නොවන බව කෙසේ ඉවසම්ද..