editor

editor

ඝණ අන්ධකාරය නොතකාම මානිස් මුවාගෙ අඩිපාර දිග ඇවිද ගියේ නිච්චියට උගේ පා සටහන් විපරම් කරමිනි. මදක් තෙතබරිත වූ පස් තට්ටුව තුළ සිහින් කුර සටහන් ඇදී තිබුණේ මානිස්ට තමන් පිටුපස එන්නටැයි අණ කරන්නාක් මෙනි. වීහලුව ගල පසු කරමින් හුළං ගල පැත්තට තිබූ රිල්ල ගාල අසලින් උගේ පා සටහන් අතුරුදහන් වී තිබූ අතර රිල්ල ගාලට මුහුණලා මානිස් කෙලිං කටිං ඉගත්තේ විඩා හැරීමටයි. ස එළිය වැටී පේන තෙක්මානයේ රිල්ල ගාල කිරි පැහැයෙන් නැළවෙයි. තැනින් තැන හිස ඔසවාගත් බිනර නටු හෙට පිපෙන්නට නියමිත කැකුළියන්ට දැනමුතුකම් දෙන්නාක් මෙන් සිය පත් අත්වලින් කැකුළියන් පිරිමදීයි. තම මල් කළඹ ස දෙසටම ඔසවා ගත් හණ පුරක් නිසොල්මනේ ඈත අරණායක ඉසව්ව බලා මහ බරැති කල්පනාවකය.

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ඉරිදා (ජනවාරි 28) අභාවප්‍රාප්ත විය මහනුවර පෞද්ගලික රෝහලකදී මෙලොවින් සමුගන්නා විට ධර්මසේන පතිරාජයන් 74 වෙනි වියේ පසු විය.

කඳු හිතක් දුර ඉඳන්

මුහුදට පෙම් කලේ

ඇල දොල ගංගා ය

තෙත හාදු ගෙන ගියේ