නිසැදැස්

නිසැදැස් (39)

කෘෂව වැහැරුණු කණදරා වැව

මැරුණු කෙකටිය ඔටුණු ලාගෙන

හිනා කළඳක් නොමැති අහසට

රැළි වැටුණු යටි බඩම පෙන්වන..

තමන්ගෙම පාරක් හොයාගෙන

වසන්තය පරිදිම ගිමන් කල

ගලායන සෙන් නදිය නුඹ හට

බ්ලූ වොඩ්කා උගුරක් පෙවූවට

මත් උනේ නෑ නීල දිය කඳ

ලෝකෙම පිපුනු මල් සමරන එක දවසේ

ශෝකය උරුම මව්පියො නැති හද  පියසේ

ප්‍රේමය ඉල්ලලා අඬනව ඇති       දුකසේ

කෝ අද කව්ද සනසන්නේ සිඹ   සිරසේ

තුරු හිසින් මෑත් වී අදත් ඉර බැලුවාට 

හිත ඔහේ වැනෙනවා මියැදි ගොක් කොල සේම

මිදුලෙ සුදු වැලි පොළොව වහගත්තු වියළි කොළ

නිහඬවම කියයි නුඹ ආයෙමත් නේන වග

නුරා දෙනුවන් කතා කරනා

අඳුරු මං පෙත්වලද සරනා

මත් බඳුන් හිස් වූ නිමේෂෙට

දෙතොල් අම මී උරා බොන්නා...

තැනෙක මල් ගොමුය..තැනෙක ගල් බොරළුය.. තැනෙක මහ විල්ය.. තැනෙක මරු කතරය.. තැනෙක උස් කඳුය.. තැනෙක තැනි බිම්ය... තැනෙක මහ වනය.. තැනෙක සුවිසල් නගරය.. තැනෙක තැනි බිම්ය... තැනෙක සුවිසල් නගරය.. තැනෙක පණ ඇති උන්ය.. තැනෙක මිය ගිය උන්ය.. ඉදින්, මේ ලෝකය ය... වටකුරුව නිල නිලන.. ජීවය ද මරණය ද එකට කැටි උන.. ඉදින් මේ ලෝකය ය...

පුරා හඳවල් දෙක තුනක් වුව

පෑයුවත් මේ අහසෙ තැන තැන

මගේ සිත් අහසේ එකම සඳ

නුඹයි මගෙ අම්මේ...

අඳුරුයි ආකහේ වැහි බීරුමට බරයි

එක දෙක වැටෙන දිය බිඳු ගොම පොළොව තෙමයි

හිස් වුණු පිලේ ලණු ඇඳ හැඬුමද නිහඬයි

පොල් අතු වහල යට බර අඩි හඬ නෑගෙයි

 

නුඹ මගේ පුරසද වෙලා විත්

අදුර පිරි ලොව එලි කලා.. 

කදුල හොදටම දුර ගිහින් දැන්

සිහින යායක එලිවෙලා.. 

සුව පහසු අසුනකට බරවී

ලියූවෙමි මම 

මල් හා කුරුල්ලන් ගැන 

පිරුණු දියකඩිති මෙන්ම

නොසිතූ විටෙක ඇද හැලෙන 

අසෙනි වැසි ගැන 

පුන් පියයුරැති අඟනුන්

කිරි සිනා නඟන බිළිඳුන්

උණුම උණු කළු කෝපි හා 

ප්‍රංශ හාදු ගැන රසවත්