සදැස්

සදැස් (77)

පිපෙන මල් දැක දැකම

මුදුන් මුල ගැන හිතුව

සිනහවක අග රැඳුන

කඳුළකට පෙම් බැන්ද

අප

යශෝධරා කුලයේ 

ගැහැනුන්‍ ය,

යන ගමනකට බාධා නොකරන,

හේතු අසමින් පසු පස නොයන,

අභියාචනා නොකරන,

එක විදියට රහස් දොඩන දොල අයිනේ බට යායෙන්

කොල එකඑක කඩන් වැටෙන රබර්යාය හරි මැද්දෙන්

පියනගනා වෙලේ නොසිට සැඟවී සවනත අයිනෙන්

කියපන් මන්දැයි තවමත් ඉන්නේ උඹ හරි ඈතින්

ඒ හැම දෙයක්ම

කල හැක්කෙ

ඔබට පමණක් ම බව

මට වඩා හොදින් දන්නෙත්

ඔබම වග

ලෙහමින් වළා සළු එකිනෙක රැඳුණු බඳ

අතුරයි දහක් කඳු හිස් තුරු වියන් මැද

ලප රැඳි නමුදු ඒ සුපසන් පොසොන් සඳ

මහරුය,නිකළැල්ය බිළිඳුය පෙමින් ලෙද

ඔව්...ඒ එතැන

ඔබ කිසිදු විට නොදන්නා

අදිසි තැන..

ඔබෙ මතක සඟවන්න

හිතුවිටෙක යළි රැගෙන

දැකගන්න

මගෙ ලොවෙහි

ඔබට හිමි ඒ එතැන...

යනෙන බෝ උන් අතර

සුපුරුදුයි උඹෙ මූණ

වරක් හෝ දවසකට

අමුත්තෙකු සමග එන

ළමැද කිරි සුවඳ පොද

අපි අසරණයි දළදා හාමුදුරුවනේ 

මෙවරත් ගියා ඔබ පෙරහැර ඇත් මත්තේ 

දළදා වීදියේ කෙළවර අවන්හලේ 

දත් පහරින් මගෙ දරුවා කෙලෙසෙව්වේ 

හරියටම 

අන්න අර

දේවදාර ගස් ළඟ 

ඝනකම් වියළි කොළ

ඇතිරිල්ල යට

කාටවත් නොපෙනෙන්න

හැංඟුවා දවසක්

කාගෙදෝ

හදවත.....

තරු රැයට දිලෙනු බෑ කිව්වද මවා උදහස

රෑ පුරා දිලී බැස යන්නට උනත් දහවල

හිරු කිරණ බිදක් සිපගනු පින් අහිමි කඩුපුළ

කිසි දිනෙක පිපෙනු බැහැකිව්වද රැයේ මැදියම