සදැස්

සදැස් (77)

මරියා ඇත්තද මේ කියන කතාව , 

උඹ ගැබ්ගත්තා කියලා ....

ඔව් මං ගැබ්ගත්තා........

ඉතිං කෝ උඹේ බඩ ,

ඔබ නමින් මම

හිතින් වෙන් කළ 

ඒ හිඩැස ඔබ

නොදැක්කේ කොහොමද?

පිනිතුහින වැටුනාම ඇසෙන මේ යාමයේ

හිරු කුමරු නිදියහනේ නිදිසුවේ සිටින්නේ 

ලෝකයම නිදිසුවේ ..... නිදිවරා ඔබ මෙසේ

මුවග රැදි සිනා රැල්ල හැඩකලා දවස අපේ.......

කළු තාර පාර කොන

හමු නොවන ගොදුරු රැක

හිරු රැසට ගිනියම්ව

හිඳින්නී කල් ඉකුත් සුරතලිය....

උකස් කරපු හදවත මගේ හිමින් සීරුවේ

මුදාගන්න කාලේ ඇවිත් වැටහුනා වගේ

සල්ලාලයි නුඹ තරමට ප්‍රේමය නුඹේ

වැටෙහෙන තරමට ගින්දර උහුලනා පැයේ

සියොත් තුඩගක..ප්‍රේමයෙන් සුරැකී

රැගත් ආදර ඵලය සැනෙකින් බිම වැටී..

මහත් විදවුම් රිදුමට වඩා සකී

කඩු තුඩක් මත රංගන යෙහෙකී

ඉර ඈත සැඟව යන්නේ

ක්ෂිතිජයත් පසුකරම විය යුතු ය.

හෙට ඇවිත් පවසන්න,

ඒ ගගන සිප ගන්න විට

මේ සයුර නිසලවම උන්නා ද

මතක මල් වඩම් අරගෙන 

ලේ බිඳක් නැතිව ගල්වුන 

දෙතොල් මත හාදු තබනට

නොඑනු මැන ප්‍රියේ......

පැස්ටල් පෙට්ටියක,

වෛවර්ණ පාට කූරු

මුලින් ඉවර වූ පසු,

ඉතිරි වූ කළු කූරකින්

ළදරුවෙක් ඇඳි බලියකි,

මේ රාත්‍රිය...

අමාවක සඳ කොහෙද

සිතෙයි මා හට විටෙක 

නේක වර්ණයන් ගෙන 

විශ්වයම ගීතයක