සදැස්

සදැස් (77)

ලෝකයම ඔබ දෑතට අරගෙන පෙනෙනා

එනමුත් යන මඟ සොයනට බැරි වීලා

යන්නම් වාලේ ඔබ යන වග දැනෙනා

ගොනෙකුට භාර දී මාවත.ඔබ නිහඩ වෙලා

පියා නිදි නැති දෑස්

අවදිවම සිහිනයක නිදමී

යොමා දසතට සවන්

ඔබේ සුසුමක සරය සොයමී

 

වසර ගණන් දියවන්නාවේ තැප්පා

කන්දක් තරම් විලිලා මීයෙක් වැදුවා

උඩ රටට විතරක්ම මොටදැයි කදු සිතුවා

කොළඹ රටෙත් අහසට කන්දක් මැව්වා

(නිමිත්ත-මීතොටමුල්ල)

සුමනේ..! ඇයි බං නිදන්නෙ

දීපංකො අඩියක් මටත්

හැම රෑම කාලක් ගැහුවෙ

පිට දීන උඹ මට..

ඈණුමක් වාතයක් කිවිසුමක් ඉවසපන්

ශුද්ධ භූමියක නිහඩ බව රැක ගනින්

දියෙන් කිරි වෙන් කරන හැටි ඔන්න බලාපන්

උසාවිය නිහඩ වෙනු ! සීරුවෙන් හිට ගනින්

නටුව මත කටු ඇනෙන

මලකි ප්‍රේමයට වන

මලේ පෙති මත වසා 

රොන් ගන්න යැයි කියන

එහෙත් විකිනෙනා හැඩ!

නොවසාම සමනලුන් සැඳෑවක පරව යන

හිරිකිතව මත් බිඟුන් පවා දුරකට ඇදෙන

ඉඳහිටක නිල මැසෙකු තනිකමට ගී ගයන

සබන් වතුරෙන් නිතර මුව දොවයි දිය මෙනෙර

වමාරා කා තුන් පිරිත්

සුදු වත් හැදන් පන්සල් ඇවිත්

බුදු හිමිට වැඩි බෝසත් කමක්

කියන කියවන උන් ගැන කරනු විපරම්....

නරි වන්සයේ කුලගොත් අරන්....

සිත තනිවන විට

සිතුවිලි අතරේ

මතකය ගෙනවිත්

නෙතු අග්ගිස්සේ 

දුරක ගියපු බව 

නුඹ මා හැරදා 

කදුළක් ඇවිදින් 

කිව්වා රහසේ 

ඉගිලෙන්නෙ නැති පැටවුන්

පියා පත් ඇති නමුත්...

දිව නොයා හිඳින දරුවන්...

දෙපා ඇති දැඩි නමුත්