
සදැස් (77)
නොලියා ඉන්නෙ කොහොමද කවියක් මූට
ලියලා වැඩක් නෑ මූ නැතිවුණු දාට
මොකටද ප්රමාදය තව එහෙනං ඊට
මිනිහයි කළු රංජි හදවත සුදු පාට
තිබුණේ හැමවිටම හිත හොද අදහස්ය
පොතපත සැලකුවේ අයුරින් අගහස්ය
නෑ බෑ වචන දෙක ළග ඔහු අනලස්ය
ලෙල්ලට කෙලවුණත් මුහුණේ මදහස්ය
ජේ.වී.පී.එකට බොක්කෙන් දුන් ගැම්ම
හැත්තෑඑකේ අරගලයෙත් වැඩ දැම්ම
නොහිතා දෙපාරක් පනිනා හැටි පිම්ම
කොයි දේටත් ඉතිං ටික ටික ඇත ඇම්ම
ඔහුටම කියා ගහගත්තේ නැත පොදිය
අනුනට කරන එකමයි මිනිහගෙ සුදිය
ඒකම තමයි මේ කළු රංජිගෙ විදිය
සහයට ඩැනී ටූ සයිලන්සර් පැදිය
තව තතු විත්ති ලිව්වොත් නම් මහ පොතකී
කාටත් කළේ පුළුවන් හැටියට සෙතකී
ඇත්තේ ගොඩක් උන් ළග නැති ලොකු හිතකී
ඔහු හා ඇසුර මිහිරෙන් පිරි මදුවිතකී
- ප්රියන්ත කොඩිප්පිලි
කඳු හිතක් දුර ඉඳන්
මුහුදට පෙම් කලේ
ඇල දොල ගංගා ය
තෙත හාදු ගෙන ගියේ
පුරහඳට කවි ලීවා
රෑ නින්ද නොබලාම
පා කෙරුව හාදුවත්
සුළඟ ළඟ නැවතිලම
බැරිද
වෙන්න
සුළඟක්
නුවර මන්දාරමේ හීගතුව ඉවසාන
රොබෝරෝසිය මලක් වැව් දියට ඉඟි පාන
දළදාව වීදියේ අතෑරුන සුබ සීන
තාම සුවඳයි සුසුම් හෙලන අර හන්තාන...
පාර අයිනක ඉදන් හිටියම
අපිට කියනව "රස්තයෝ"......
කැලේ දැක්කොත් උනුත් "වල්අලි"
පෙරහැරේදිලු "හස්තියෝ"......
දෙයියො හිටියම අපායක බං
ඌට කිව්වෙත් "යක්සයෝ"......
එපා මඩ වල, හොයන් පලයන්
ගඟක් පීනන හංසයෝ......
නිශාචර මත් ඹබරු
රූං ගා ඇදෙනා
පාලු මාවතක ,
කුර ගගා එන හැන්දෑ කළුවරට
කියන්නට හිතුනි හිතේ ඇති දුක
මඩ ගද තැවරුනු කය පිරි මැද මැද
අප්පච්චි දැහැනකය ගේ පිල උඩ.....
දෙනුවනින් කතා කර
නුඹ වටේ කරකැවී..
වදනකුදු නුඹ නොදොඩනා සද..
අම්මේ ඔයා දුකෙන්ද
නැත්නම් බියෙන්ද
හෙට මා බලන්න එන මනමාළයා
හොයයිද අපේ හතර කොනම
ගොඩලයිද වළලපූ මිනී වල