සදැස්

සදැස් (54)

බ්ලෂ් පින්ක් පාටට 

ප්‍රිම්රෝස් පිපෙන බිම් වල 

කෑලෑ අයිරිෂ් වල 

පැහැය දුටුවේ කව්ද

කුස පොත්ත පිට ඇලුනු බිළිඳා

කිරට ඇඬුවෙන් රැයක් නොනිදා

දුවගෙ සොහොනට මලක් තියලා

ඇසතු හෙවනට වැඩියා අම්මා...

නේක නෙක වර්නෙන් එදා නුබ

හැඩ කෙරූ මගෙ ආදරේ.....

පාරමී දම් පුරා අතිනත ගෙන

බොහෝකල් ගත උනේ....

හඳ අහසට නෑගම් ගොස්

හිනා මවන අඳුරු රෑක

එක තැනකම තැන් දෙකකම

හුස්ම වැටුණු රෝස කැකුළු...

අඳ තරුව තනි රැක්ක

කුදු සඳ පළුව යට

පිපුණු කලු පාට මල

ඇහැ ගැහුණෙ මකරෙකුට

ලෝකයම ඔබ දෑතට අරගෙන පෙනෙනා

එනමුත් යන මඟ සොයනට බැරි වීලා

යන්නම් වාලේ ඔබ යන වග දැනෙනා

ගොනෙකුට භාර දී මාවත.ඔබ නිහඩ වෙලා

පියා නිදි නැති දෑස්

අවදිවම සිහිනයක නිදමී

යොමා දසතට සවන්

ඔබේ සුසුමක සරය සොයමී

 

වසර ගණන් දියවන්නාවේ තැප්පා

කන්දක් තරම් විලිලා මීයෙක් වැදුවා

උඩ රටට විතරක්ම මොටදැයි කදු සිතුවා

කොළඹ රටෙත් අහසට කන්දක් මැව්වා

(නිමිත්ත-මීතොටමුල්ල)

සුමනේ..! ඇයි බං නිදන්නෙ

දීපංකො අඩියක් මටත්

හැම රෑම කාලක් ගැහුවෙ

පිට දීන උඹ මට..

ඈණුමක් වාතයක් කිවිසුමක් ඉවසපන්

ශුද්ධ භූමියක නිහඩ බව රැක ගනින්

දියෙන් කිරි වෙන් කරන හැටි ඔන්න බලාපන්

උසාවිය නිහඩ වෙනු ! සීරුවෙන් හිට ගනින්