02 November 2017 Written by 

මචං,

පාර අයිනක ඉදන් හිටියම

 අපිට කියනව "රස්තයෝ"......

කැලේ දැක්කොත් උනුත් "වල්අලි"

 පෙරහැරේදිලු "හස්තියෝ"......

දෙයියො හිටියම අපායක බං

 ඌට කිව්වෙත් "යක්සයෝ"......

 එපා මඩ වල, හොයන් පලයන් 

ගඟක් පීනන හංසයෝ......

 

 

හැබැයි මචං,

 

එහෙදි ඉන්නෙම බොහොමයක් ඔය

 හිවලො, වෙස් ගත් සිංහයෝ....

බොරු මැණික් කැට උඹට පෙන්නයි

නාග වෙස් ගත් ගැරඬියෝ......

 ඉවෙන් දැනෙනව කලක් යනකොට

 ලගට එනකොට නරුමයෝ......

ඇහෙන් බල බල මොලෙන් හිතපන්

අන්න එහෙමයි දක්සයෝ.....

 

          - චතූ රුවන්මාලි -

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.