පපුව දැදුරුව ගිය සැඳෑවක
ගැබ්බරව දරු බරින් මිරිකුණ
වාන් දැමු ඒ පෙම් පුරාවත
සිහිව නුබගැබ වියළි සුසුමක..
පෙකෙණිවැල් වියැළිලා සැඟවුන
දරුන් සමුදුර සොයා දිවගිය
තියා ගිය මතකයක්වත් නැත
පුරන් කුඹුරක දුහුවිල්ල මත...
08 March 2021
කෘෂව වැහැරුණු කණදරා වැව
මැරුණු කෙකටිය ඔටුණු ලාගෙන
හිනා කළඳක් නොමැති අහසට
රැළි වැටුණු යටි බඩම පෙන්වන..
පපුව දැදුරුව ගිය සැඳෑවක
ගැබ්බරව දරු බරින් මිරිකුණ
වාන් දැමු ඒ පෙම් පුරාවත
සිහිව නුබගැබ වියළි සුසුමක..
පෙකෙණිවැල් වියැළිලා සැඟවුන
දරුන් සමුදුර සොයා දිවගිය
තියා ගිය මතකයක්වත් නැත
පුරන් කුඹුරක දුහුවිල්ල මත...
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.