පහන් කණුවක් යටින්
මල් සුවඳ හැමුවා
විස්කි වඩියකට කට
ගැස්ම මේ හැගුණා
ඇසිල්ලෙන් ,
අඳුන් තවරාපු ඇස්
වලින් ඉඟි කෙරුවා
සෙයිළමේ මත් ඹබරු
පපුව උඩ වැහුවා
සත්තමයි ,
අප්පා නැති පොඩි එකා
'අම්මේ ' කියනවා ඇහුනා
රැයක් නිවෙනා තුරා
උන් මාව වින්දා
අන්තිමට ,
නිල් මොනරු හිනැහෙමින්
මගෙ කඳුළු ඉම්ඹා