කොහොමින් හරි සිගා රුපියල දෙක
ලොග් වෙන්නෙ මං සයිබරේ පොත උඩ
උඹවත් නොදන්න කථාවක සුල මුල
මතකෙට එද්දි දුක හිතෙයි මට......
අමුනාපු ආදරේ මේ සයිබරේ පිට
ආගන්තුකය උඹ දැන් හරි ලැදියි මට
ඩේට කපන් රගනා රංගනේ මැද
නෑඹුල් පෙම් රසය මිහිරිලු උඹට මට.....
චප්ප කරන් දවසක උඹ මගෙ හීන
යාවියි සිතුනු සිතුවිලි බොරු වෙලා අද
අදහාගන්න බැරි උනි උඹ කල බොරුව
මම වගෙ උඹත් රගනව සයිබරේ ලග.....