22 October 2017 Written by 

මහත්තයෝ නුඹ -  දිනූෂා රත්නායක 

දෙනුවනින් කතා කර 

නුඹ වටේ කරකැවී..

වදනකුදු නුඹ නොදොඩනා සද..

 

කියනා නෝක්කාඩුවට

හිනාවී දෙකම්මුල් වල ගස්සවා..

ආඩම්බර කම් පාන ..

මගේ ගණන් කාරයා නුඹ..

නෙතු කදුළු පුරවාන..

හීනියට ඉකි බිදින දා..

 

පපුතුරේ හිස හොවා.

නළල සිඹ සෙනේහෙන්..

ආදරෙයි සුදු මැනික ..

කොදුරලා සවනතට ..

දෙකන් පෙති කිති කැවු...

මගේ පෙම්වතා නුඹ...

 

කරනා දා දග කාර වැරැද්දට..

බැනුමකට එහා ගිය...

නුඹේ ඔය තරවටුව...

කූරට පාරටත් වඩා සැර තාත්තගේ. 

හිතුවක්කාරී මන්...

කීකරුයි නුඹේ ළග..

 

සාවියක් සේම අහිංසකම

දෙවෙනි අප්පච්චි නුඹ...

මම නුඹට ආදරේ තරමටත් වඩා මට...

මහ මෙරක් මෙන් සෙනේ ...

පුරා ඔය හදවතේ....

දයාබර සෙනෙහෙන්...

 

හිනා මල් පුබුදවු...

ප්‍රේමයේ මන්දිරේ...

දේවදාසිය මමයි...

මගේ හිමි සද දෙවිදු නුඹ......

Last modified on Sunday, 22 October 2017 22:54

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.