චූටී පුතාට පුරුදු කෙරුවට
වචන පැටලෙයි කියා සැකද
දුවගෙන ඇවිත් එල්ලී
මගේ ගවුම් වාටියේ
අම්මේ බඩගිණියි මට කියාවිද
හැංඟිළා මුහුණු බැන්ඳට
නටන දා එළිපිට
මේ මුහුදේ තව නැව්
ගියායැයි නොතේරෙයිද
පින්තුරය උපාලි ජයසිංහ අයියගේ පිටුවෙන්
16 January 2021
අම්මේ ඔයා දුකෙන්ද
නැත්නම් බියෙන්ද
හෙට මා බලන්න එන මනමාළයා
හොයයිද අපේ හතර කොනම
ගොඩලයිද වළලපූ මිනී වල
චූටී පුතාට පුරුදු කෙරුවට
වචන පැටලෙයි කියා සැකද
දුවගෙන ඇවිත් එල්ලී
මගේ ගවුම් වාටියේ
අම්මේ බඩගිණියි මට කියාවිද
හැංඟිළා මුහුණු බැන්ඳට
නටන දා එළිපිට
මේ මුහුදේ තව නැව්
ගියායැයි නොතේරෙයිද
පින්තුරය උපාලි ජයසිංහ අයියගේ පිටුවෙන්
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.