06 October 2017 Written by 

ඉරේ එලිදී හඳ බැබලුවට  -පූර්ණිමා කුලතුංග

තමන්ගෙම පාරක් හොයාගෙන

වසන්තය පරිදිම ගිමන් කල

ගලායන සෙන් නදිය නුඹ හට

බ්ලූ වොඩ්කා උගුරක් පෙවූවට

මත් උනේ නෑ නීල දිය කඳ

 

 

හිම පියලි කපරාරු කරගෙන

සීතලේ ගැහි ගැහී තිබ්බද

ගොජ දමන ගිනි වතුර හංගන

ෆූජි නුඹ නොසැලීම උන්නට

නිවුනෙ නෑ පැසවනා ලෝදිය

 

ඉරේ එලිදී හඳ බැබලුවට

ස්වයං ජනනය කරන තරු රැස

හිරුට පැරදුන දිනක් මතකද

අඳුරු අහසක හුදෙකලාවට

ඉරක් මං පැවසුවේ කවදද

Last modified on Friday, 06 October 2017 02:57

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.