30 September 2017 Written by 

හෙට ලෝකය සැබෑ දරුවන්ටද ? - දෝන දමයන්ති

ලෝකෙම පිපුනු මල් සමරන එක දවසේ

ශෝකය උරුම මව්පියො නැති හද  පියසේ

ප්‍රේමය ඉල්ලලා අඬනව ඇති       දුකසේ

කෝ අද කව්ද සනසන්නේ සිඹ   සිරසේ

වේලෙට දෙවේලට හඬනා විට   කුසයේ

බේරෙන කඳුළු නෑ දුටුවේ සක්    දෙවියේ

නෑහෙන අඳෝනා කෙඳිරිලි නැති  බැරියේ

පෑරෙන තුවාලය මෙන් දුක් ගිණි  සැලියේ

 

හාමත දැනී කඳුලැලි වැටෙනා       දිනදී

කාටද දුන්නෙ බත් ඇටයක් අත    හිතදී

කාරන කෑරිල්ල අත පානා            විටදී

කෝ අද  නෑනෙ  දරුවන් සමරන දිනදී

 

 

පන්තියෙ පලමු ධනවත් පෙල සැප   විඳිනා

දුප්පත් දුගී අසරණ දරු මග     මියෙනා

එක්දින නියම දරුවන් පුද නෙත   පිසිනා

උන්නද කෙනෙකු හෙට ලෝකය පුද  කරනා

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.