30 September 2017 Written by 

පැතූ සෙනෙහස නොවූ දින - ගයනි හතුරුසිංහ 

අත තියන්නම බැරි ගින්දරට

සළඹයෝ ආදරෙන් බැඳුනද

දැන් ඉතින් ඔය ගින්දර

ලයේ ඇවිලෙයි සදාකාලෙට

 

 

එකම බඹරෙක් වෙනුවෙන්

මල් දෙකක් උණුහුම් කතාවක

බැඳෙන හැම රැහැනකම වාගේ

දුක් කතාවක් රැඳුණෙ කිම?

 

හෙලා බිම වැහි බොහෝ වේලා

මලානික වන අහස ලෙස

අඬා වත් හිත හදා ගනු මැන

පැතූ සෙනෙහස නොවූ දින.

Last modified on Saturday, 30 September 2017 01:51

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.