31 August 2017 Written by 

මව් ඇතින්නී - ඉරේෂා මධුවන්ති

 

සරා සඳ පායපන් මයෙ ගමේ අහස් කුස

වැහි වළාකුළු සේල ඉර ඉරා දෝතින්ම

බතක් නොයිදුනු පැලේ කඳු ඉහත්තාව කොණ

එබී බලපන් සඳේ බිඳුණු උළු මෑත් කර

 

 

දෙණි පුරා ඇවිද නෙක පලා මිටි උගුලාන

උර දරා තේ කූඩ මද්දහන කඳුළු බොන

දුම් ගැහී ලිප මුල්ලෙ සඳ වුවන මැකී යන

මගේ මව් ඇතිනි ඇති මැදියමේ නිදිවරන

 

දුරකථන රැහැන් කොණ කන පිරූ කෙඳිරිල්ල

මයෙ දුවේ මට හොඳයි බය නොවෙන් පොඩි කෙල්ල

අකුරු අහුලන් වරෙන් ලබා සරසවි බැල්ම

ඈ අදත් මිමිණුවා පුදා සෙනෙහස බැල්ම

 

රිදුම් දෙනවැති ගතම පිරිමදිනු මැන සෙමින

විඩාබර නෙත් අතර තියනු මැන සුබ සිහින

පාලු සීතල මකා සඳේ දී මුදු කැල්ම

ඇතිනි මව් තනි රකින් එනතුරා මම ගෙදර

Last modified on Friday, 01 September 2017 00:31

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.