26 August 2017 Written by 

දෝනිගේ කිරි සිනා මල් -  සජී ලංකා.

මල් බරවුණු ගහ වට කොට

ගෙඩි හැදිලා රතු පාටට.....

පුංචි කැකුළු මිණිබිරියට

කන්නට පලවැල රසයට...

 

 

ජම්බු පාට මුහුණු පොඩිය

දිලිහි දිලිහි රතු පාටට......

මොන මොනවද මුමුණ මුමුණ 

ජම්බු නෙලයි අපූරුවට....

 

ආතම්මා වවා තියා අරගෙන

ගියෙ නෑ මොනවත්......

ඇයගෙ සුවඳ ගේ වටකර

නැලවෙනවානේ කවදත්....

 

දෝනිගෙ කිරි සිනා මලට

ඇය සැනහුනෙ හරි අදරින්...

මතක නේද ඇය ඉද්දි 

තුරුලේ ඉඳ හිටියෙ ළඟින් ...

 

ගේ වටකර මල්ගස් වල

මල් හඬනව නොදැක බුදුන්..

නෙලා ගෙනෙන් මල් 

වඳින්න බුදු හිමි සමිඳුන්

 

Last modified on Saturday, 26 August 2017 00:53

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.