14 August 2017 Written by 

නූපන් කළලයක් දිය යට මිහිදන්වීම - දමයන්ති ගල්පායගේ

ගැබ්බරයි සිතිවිලි අඩුම

ලදළු වයසින් 

අකලටම හිරි ඔතප්

බිඳුනයි ඉතින්

බඹර සනුහරේම ආවයි 

නිරුවත්ම දෑසින් 

දෙබරෙට ගල් වැදින

සැනෙකින්

 

පර පුරම ආවයි ලැජ්ජාවට

රෙද්ද උස්සන්

ඇය ගංපතුල සිම්බයි ජීවිත

කැටයම මකා දමමින්

නිදිවැද්ද ගම ඇහැරන් උන්නයි

හත්දොහේ දානෙ දෙනකන්

මව් තිසර තුඩු පුපුරා

නැහැවුනයි රුධිරයෙන්

කළලයක් නූපන් දිය කඳන් යට

මිහිදන් උනයි රහසින්...

 

Last modified on Tuesday, 15 August 2017 00:01

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.