31 July 2017 Written by 

ප්‍රේමයත් ඒ තරම් වරදක්ද - -පූර්ණිමා කුලතුංග

කෝඩු දෑඟිලි

මේ තරම් තත් 

පිරිමදිනවිට

ගිටාරයකට උනත් පුලුවනිද

දරාගෙන ඉන්න

ඉතිං තත් බිඳන එක 

ගිටාරයෙ වරදක්ද

 

 

රතුම රතු චෙරි පොඩිති

කියන්නෙම

නටුව මත මියයන්න ඉඩනොදී

තොල් අතර සීරුවට

අසුරන්න

ඒ රසින් මත් වෙච්චි

දෙතොලකට

මල්පිටින් උදුරගෙන

ගෙනියන්න හිතෙන එක

වල්වැදුනු සිතුවිලිම 

විතරක්ද

 

ඉතිං මට නොසඟවා පවසන්න

මං කෙරුවෙ ඒ තරම්

වරදක්ද

ආදරය කිරීමත්

සිත කඳෙන් වෙන් කරන

මරණීය දණ්ඩනයෙ

කොටසක්ද?

 

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.