22 July 2017 Written by 

හැම චිත්‍රයකටම පාටක් - -අමිල ජයකොඩි  

හැම චිත්‍රයකටම පාටක් 

තියනව.

පින්සලක් 

පාටකින් , පාටකට 

මාරු වෙනකොට

තීන්ත පිසදමන 

රෙදි කඩක්

ඒ අතරට එනව.

ඒකෙ තීන්ත 

තැවරෙනව..

 

අවසන ⁣ඒ රෙදිකඩ

තුළින් මතුවෙන්නෙ 

තවත් චිත්‍රයක් .

එහි හැඩය චිත්‍රයක් 

ලෙසම ගෙන 

එය කියවා ගන්නා

කවරෙකුට හෝ 

එය 

මුල් චිත්‍රයේම 

කොටසක් නොවෙයි කියා

කිවහැකිද ?

මම යෝජනා කරනව

හැම චිත්‍රයක්ම 

රාමුකරන මොහොතෙ 

ඒ චිත්‍රය පසෙකින් , 

අර තීන්ත පිසදැමූ 

රෙදිකඩත් රාමු කරල

එල්ලන්න කියල .

එතකොට 

සෞන්දර්යක් මවන්න 

මුල්වන 

කවරෙකු හෝ

විසින් ,

නිර්මාණයක්

පිළිවෙල 

කරන්න 

හදන , 

හැම උත්සාහයක් 

සමගම ,

අපිළිවෙල වූ

නිර්මාණයක් 

පෙර පසු නොවී 

එහිම අවසන්

ඵලයක්ව

දැකගත හැකී.

එය 

පිළිවෙල තුළින් 

මතුව ආ 

අපිළිවෙලක්

මැයි.

එහෙත් 

එහි ඇත

සෞන්දර්යක්...

එතකොට සෞන්දර්ය

කියන දේ ,

පවතින්නෙ 

පිළිවෙළ වූ යමක 

පමණද .. ? 

කියන 

ප්‍රශ්නයට උත්තරයක් 

ලැබෙනව ..

ඕනෑම නිර්මාණයක් 

පසුපසම 

එයට නිහඩවම 

හේතු සැදූ , 

එහෙත් 

නොසලකා 

හරින ලද , 

අපිළිවෙල වූ ,

අසම්පූර්ණ 

කතාවක් 

එහි

සැගව පවතිනව.

මම හිතනව ,

විඳිනු පිණිස 

මිනිස් සිතක 

අනුත්සාහකව 

මැවෙන සියල්ල 

අයිති .. ,

අන්න ඒ 

සෞන්දර්යට කියල .

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.