21 July 2017 Written by 

සැගවීලා ද කොහේ - නදීරා සමරක්කොඩි  

මත් වුන බඹර කැල බිගු ගී ගයන්නේ

මල් කිම සලිත වී සුළගේ ලෙලෙන්නේ

සත් දෙස නැගෙන හඬ මහදම  පෙලන්නේ

මං වැරදිලා වත් ආයෙම වඩින්නේ 

 

පිං ඇති රැවන් වත හිමි වූ නිසාදෝ

ලං වී හිදින මත් බඹරැන් නැසේදෝ

වං හුං නොදැන වනයේ සැරි සරාදෝ

රං කඳ නොයෙන ගමනක නුඹ ගියේදෝ

 

වරදක් මගේ අත නොදැනී වුනාදෝ

සරදම් කිමද මේ හැටි මා පෙලාදෝ

පලයක් වේද අප හැර දා සරාදෝ

කන්දක් තරම් ආලය කොහි ගියාදෝ...

Last modified on Friday, 21 July 2017 11:45

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.