Print this page
07 July 2017 Written by 

හිරු සඳු - නිලාන් රංගන බණ්ඩාර 

ඉරෙන් හිත රිදුනාම

සඳ මෙහෙම කියනවා

අඳුනනා තරු වලට

දුක කියා අඬනවා

 

“ආදරෙන් පිච්චිලා

හැමදාම රිදෙනවා

ඇත්තමයි අර මුහුදෙ

ගිලී මම මැරෙනවා

 

ඒ උනත් ඒ දෙන්න

එක අහසෙ ඉන්නවා

අපිදෙන්න වාගෙමයි

එකම තැන දුවනවා