12 June 2017 Written by 

සිල් අම්මා - ඉරේෂා මධුවන්ති

කුස පොත්ත පිට ඇලුනු බිළිඳා

කිරට ඇඬුවෙන් රැයක් නොනිදා

දුවගෙ සොහොනට මලක් තියලා

ඇසතු හෙවනට වැඩියා අම්මා...

 

 

කහ ගැහුනු සුදු රෙද්ද පටලා

පැසක් වම් උර බරට එල්ලා

දවල් දානෙදි සීලෙ මුදලා

දෙපය ඉක්මන් කෙරුවා අම්මා..

 

උගුර අග හිරවුන බිළින්දා

පැටව් වට බැළලියට අඬ ගා

බත් උලක් දන් දුන්නු හින්දා

උතුරු සලුවත් කඳුළු බිව්වා...

 

නේක පින්වත් දනන් වැඩලා

"ඒකි දානෙත් ගෙදර ඇද්දා"

ලොකු නමට ගතු කියනු ඇහිලා

අනෝරාවක හඳත් ඇඬුවා

 

(- ඡායාරූපය - ඉරේෂා මධුවන්ති )

 

Last modified on Monday, 12 June 2017 00:48

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.