25 May 2017 Written by 

මත් බඹරෙකුට පෙම් කළෙමි  -පූර්ණිමා කුලතුංග -

නුරා දෙනුවන් කතා කරනා

අඳුරු මං පෙත්වලද සරනා

මත් බඳුන් හිස් වූ නිමේෂෙට

දෙතොල් අම මී උරා බොන්නා...

 

 

පාට මල් රෑ සුවඳ දෙන්නා

බිඟුන් නිරතුරු එහි ඇදෙන්නා

කඳුලු විල මැද තනිව මියැදෙන

හිතක් ආදරෙ හොයා උන්නා...

 

මලෙක සියුමැලි කමට පෙම්බැඳි 

බමර තුඩගින් හානි වෙන්නැති

ආදරේ මේ විදිය වෙන්නැති

කියා මල් පෙති හිතාගන්නැති

Last modified on Thursday, 25 May 2017 14:50

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.