18 May 2017 Written by 

ලෝකෙ ලස්සනම,පුංචිම කවිය අම්මා - හිරූ ප්‍රනාන්දු 

පුරා හඳවල් දෙක තුනක් වුව

පෑයුවත් මේ අහසෙ තැන තැන

මගේ සිත් අහසේ එකම සඳ

නුඹයි මගෙ අම්මේ...

 

 

කුඩා කාලේ අඬනකොට මං

හොවා උකුලේ නැලෙව්වම නුඹ

දැනුනු සෙනෙහස අදත් ඒ ලෙස

දැනෙනවා අම්මේ....

 

එදා වාගෙම අදත් හෙමිහිට

හුරතලෙන් වගෙ ඇවිත් ඇකයට

ගුලිවෙනා විට නුඹේ ලඟ මට 

උණුහුමයි අම්මේ....

 

බිළිඳු දරුවන් පාරෙ තැන තැන

දමාලා යන මව්වරුන් ලඟ

ඇස් දෙකේ'ලා මාව රැක්කට

පිං මගේ අම්මේ....

 

හිතේ අහුමුලු හැමේකම වුව

නිවා සනහන නුඹේ සෙනෙහස

නුඹට වැඩියෙන් කෙනෙක් තුන් ලොව

දුවට නෑ අම්මේ....

 

ඉස්සරම වගේ වඩාගන්නට

බැරි උනත් මං ලොකු නිසා අද

හිතින් තාමත් මං නුඹේ සුදු

ලොකු දෝණි අම්මේ....

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.