ආරංචියේ හැටියට උඹට හෙට අනිද්දා දරුවා ලැබෙන්න ඕනෑ ....
මං ඒ දරු ගැබ නැති කළා .
මොනවා උඹ ඒ දරු ගැබ නැති කළා
ඒක මහා පාපයක්.......
නැහැ ඒක මං ඒ දරුවට කළා සාධාරණයක් ....
මට බැහැ තාත්තෙක් නැති දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න .
මට බැහැ මිනිහෙක් නැතිව දරුවෙක් එක්ක ජීවත් වෙන්න ...
ජුසේ උඹව භාරගන්නවා කිව්වා නේද ?
ඉතිං ඇයි උඹ දරු ගැබ නැතිකළේ....
ජුසේ නිසා තමයි මම ඒක කළේ .....
ජුසේ කැමති නැහැ අනුන්ගේ දරුවෙක් එක්ක මාව භාරගන්න .
හත් දෙයියනේ ජුසේ කිව්වනේ
දෙවියන්ගේ නාමයෙන් උඹව ඌ භාරගන්න සූදානම් කියලා .
ජුසේට ජුසේගේ පරම්පරාව රකින්න ඕනෑ .
ජුසේට ජුසේගේ බූදලය බාරදීමට ජුසේගෙම දරුවෙක් ඕනෑ .....
ඉතිහාසයට වඩා වර්තමානය කොච්චර වෙනස්ද දෙවියනේ ?
ඔව් ඉතිහාසයට වඩා වර්තමානය හුඟක් වෙනස් සහෝදරි....
මතකයට ගනින් මේ අපි ජීවත් වෙන්නේ ධනවාදී ලෝකයේ බව .