ලිප් බොක්කේ අළු අතරේ ගිනිදැල්ල දැවෙනවා
ඒ දැවෙන ගිනිපුපුරු ඔබේ හද දවනවා
මුට්ටියේ ඉදුණු බත වේල පිරිමහනවා
හැමදාම ඔබ කෑවේ කුසෙන් බාගේ තමා .......
අපේ කුස පුරවන්න ඔබ ඉදියි කුසගින්නේ
අපේ හිත පිනවන්න ඔබ දරයි දුක් කන්ද
ලිපේ ගිනි දැල් වගේ හදවතත් ගිනියම්ද
කවදාක සැප ලැබෙයිද ..... හැමදාම දුක නේද ......