20 December 2016 Written by 

උදාවන තෙක් අඳුරු සෙවනැලි - නිරෝෂා සුමුදුනී

කළු තාර පාර කොන

හමු නොවන ගොදුරු රැක

හිරු රැසට ගිනියම්ව

හිඳින්නී කල් ඉකුත් සුරතලිය....

 

 

ඉපල් වී ගිය ළමැද මත...

නැත්තාක් මෙන් පෙනෙන් දෙතන

වසා දෙඋරින් හැළෙන හැට්ටය

පළු දෙකින් එක්කර රඳවා ආය කටුවක...

 

බෙද බෙදා ගොස් අහවරව....

මාංශ හීන වූ වැදළි හැව තුළ..

ඇත තවත් පෙර මෙන්ම ශේෂව

තෙත නයන හා ගැහෙන හදවත ...

 

ගිණිය නොම හැකි අපුළ වත ඇති....

මස් බුදින පින්වත් බැටළු රැල

අතේ ගුලි කළ සාපලත් මිල...

බිංදුවට බැස නියොන් එළි මැද...

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.