07 December 2016 Written by 

බලි රාත්‍රියේ කුමුදු මල  - පැතුම් බණ්ඩාර

පැස්ටල් පෙට්ටියක,

වෛවර්ණ පාට කූරු

මුලින් ඉවර වූ පසු,

ඉතිරි වූ කළු කූරකින්

ළදරුවෙක් ඇඳි බලියකි,

මේ රාත්‍රිය...

 

දහ අටක් නැටුම් නටමින්

බත් කටක් කවන්නට

වෙහෙසුණ,

දයාබර මව් අතින් ගිලිහුණූ

හොදි පැල්ලමකි

ඒ හඳ...

 

බිල්ලන්ට බය නැති

ඇට්ටර කිරි සිනා පොකුරකි,

තරු කිණිති වී තැන තැන

තිබෙන්නේ කටු කුරුටු මත...

 

තුරුළට ග‍සෙන සිප සනසවන

ආදරේ දියවී සිසිලසද කැටිවුණ

මව් ළයින් නික්මුණු සුවඳකි

කුමුදු මලකින් හමන්නෙ රෑට...

 

~ ලයින්ග් රයිටර් ~

Last modified on Wednesday, 07 December 2016 02:03

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.