හදවත සැරසු පාට සරුංගල්
අනුරපුරේ මහ සෑය වදිනවා
ජිවිතයේ රග මඩලට පිටුපස
නුඹත් එක්ක මං කවියක් ගෙතුවා....
.
සෙනෙහස පැටලුන හිතකින් දළුලන
කනාටු ගසකත් මලක් පිපෙනවා
ඒ සුවදෙන් පාර අසාගෙන
නුඹත් එක්ක දිග ගමනක් යනවා
.
කතා කරන ඇස් මන්දාරම යට
සුළගක් වී හැමුවා
ඒ සුළගට හදවත ඉගිලෙනවා
නුඹට දැනුනිදෝ
රන් සමනළයෝ...