31 October 2016 Written by 

නෑවිත්ම හිඳින්නය තිබුණේ ඔබට - පැතුම් බණ්ඩාර

නෑවිත්ම හිඳින්නය

තිබුණේ ඔබට

ඉතා දිගු වූ ඒ 

වෙහෙසකර කවිය,

කියවා අහවර 

කළා පමණෙකි, 

වාහල්කඩින් යළි

ඔබේ රුව, 

 

ඇස ගැටෙන විට...

ඔබ විසූ තැන අහසෙහි

දැල්වුණ අවසාන තරුවද,

නිවී ගියායින් 

කල්පෙකටත් පසුවය,

ඒ තරු සොහොන් බිම

අතහැර ගියේ මම...

ඉනික්බිති 

කළු කුහර තුළ,

සුවහසක් මන්දාකිණි වල,

උමතුවෙන් සැරිසරමිනි 

හදාගන්නට වූයේ හිත...

එනිසාවෙන්ය යළි

නෑවිත් හිඳින්නට, 

ගත යුතුව තිබුණේ

ඒ තීරණය ඔබ...

~ ටර්න්ඩ් බැක් රයිටර් ~

 

Last modified on Sunday, 06 November 2016 23:19

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.